මෙරට කාන්තාවන්ට එරෙහිව ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වු මාස 09 ක කාලය තුලදි අපරාධ 8870ක් වාර්තාවි ඇති බැව් මහජන ආරක්ෂක අමාත්යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්රගති වාර්තාවේ සදහන් වේ.
මෙම කාලය තුල කාන්තාවට එරෙහිව සිදුවි ඇති අපරාධ 8,870න් 8,430 ක් විසදා ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.2024 වර්ෂයේ මුල්මාස නමය තුල කාන්තාවන්ට එරෙහි අපරාධ 8,047ක් වාර්තා වි තිබු අතර ඉන් අපරාධ 7,588ක් විසදා තිබුණි. කෙසේවුද 2025 වර්ෂයේ මුල්මාස තුලදි කාන්තාවන්ට එරෙහිව වාර්තා වි ඇති අපරාධවල වැඩිවිමක් දක්නට ඇත.
කාන්තාවන්ට එරෙහිව සිදුවි තිබෙන බල අපරාධ 14ක් ශ්රිලංකා පොලිසිය විසින් හදුනාගෙන තිබුණි. කාන්තාවන්ට එරෙහි අපරාධ සහ හිංසනය අවම කිරිම සදහා සමාජයේ සෑම පාර්ශවයක්ම දැනුවත් කිරිමේ වැඩසටහනක් පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් ආරම්භකොට ඇත.