තොග ගබඩා පර්යන්තය සතුව ඇත්තේ ටොන් 440147ක ගබඩා ධාරිතාවක් පමණයි
රට තුළ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරිම සදහා ප්‍රමාණවත් ඉන්ධන ගබඩා ධාරිතාවයක් පවත්වාගෙන යාමේ අරමුණින් ගබඩා ධාරිතාවය තවදුරටත් වර්ධනය කිරීම සදහා නව ගබඩා ටැංකි ඉදිකිරිමට සැලසුම්කොට ඇති බැව් බලශක්ති අමාත්‍යංශය පවසයි.
මේවනවිට ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව ඇත්තේ මෙට්‍රික්ටොන් 440,147ක සමස්ත ගබඩා ධාරිතාවයක් පමණි. ඒ අනුව ඉන්ධන ගබඩා පුළුල් කිරිමේ ව්‍යාපෘතිය යටතේ කොලොන්නාව ඛනිජතෙල් ගබඩා පර්යන්තය තුල සමස්ත ධාරිතාවය ඝණ මිටර් 64,000කින් යුතු ටැංකි හයක් ඉදිකිරිමේ කටයුතු ආරම්භකොට ඇත.
ඒ සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 3,374කි. එමෙන්ම කොලොන්නාව ඛනිජතෙල් ගබඩා පර්යන්තය තුල සමස්ත ධාරිතාවය ඝණ මිටර් 22,000කින් යුතු ටැංකි දෙකක් ඉදිකිරිමට සැලසුම්කොට ඇත. ඒ සදහා ඇස්තමේන්තුකොට ඇති මුදල රුපියල් මිලියන 1,470.4කි.
මුතුරාජවෙල ඛනිජතෙල් ගබඩා පර්යන්තය තුළ සමස්ත ධාරිතාවය ඝණ මිටර් 40,000කින් යුත් ටැංකි තුනක් ඉදිකිරිමට සැලසුම්කොට ඇති අතර ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි ඇත. මේ සදහා ප්‍රසම්පාදන ලේඛණ සකස්කරමින් පවතින බවද බලශක්ති අමාත්‍යංශය පවසයි.මේ සදහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 3,496කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
