රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් මත්කුඩු තොගයක්සමග “මිදිගම හරක්කටා” ගේ ගෝලයෙකු පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.
ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට හෙළිවී ඇතැයි වාර්තා වෙයි.
Read Moreමාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් මහතා එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreපසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ඇති වූ අධික සීත කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර මියගිව ගවයින්, හා එළුවන්ට වන්දි ලෙස රුපියල් මිලියන 30 ක ප්‍රමාණයක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.
Read Moreඌරගස්මංහන්දිය පොලිස් වසමට අයත් ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේ හතේ කණුව ඉන්ධන පිරවුහල ආසන්නයේදී අද (15දා) වෙඩිතබා පුද්ගලයෙකු මරා දමා ඇතැයි පොලිසිය කියයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු පිරිසක් ඊයේ (14) දින රාත්‍රී 07.00 ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreඑළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීම පිළිබඳ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ නිරීක්ෂණ මධ්‍යස්ථානය (සී.එම්.ඊ.වී.) සිය දැඩි අවධානය යොමු කරන බව නිවේදනය කර ඇත.
Read Moreහෙල්මට් වලින් පහරදීමෙන් වැලිපැන්න ප්‍රදේශයේදී එක්දරු පියෙකු ඝාතනයට ලක්ව ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි .
Read Moreරට බංකොලොත් භාවයට පත්ව ඇති අවස්ථාවක ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ ඉන් මිදීමට මිස මැතිවරණ පැවැත්වීමට නොවන බවත් මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් කොපමණ ප්‍රතිශතයක් ඡන්දය පාවිච්චි කරයිද යන සැකය මතුවී තිබෙන බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
Read Moreචෙක්පත් මගින් ගනු දෙනු කිරීමේදී සිදු වන වංචා, අක්‍රමිකතා සහ අතපසුවීම් හේතුවෙන් මෙරට ව්‍යාපාරික ප්‍රජාව හා සාමාන්‍ය ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව පවතින නීති වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂඥ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇත.
Read Moreවිදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර ඊයේ (13) පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ජාතික සභාවට අද (14) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.
Read Moreවිශ්‍රාමික විනිසුරුවරයෙකු සහ බංග්ලාදේශයේ දූෂණ විරෝධී කොමිසමේ හිටපු කොමසාරිස් මොහොමඩ් ෂහාබුදීන් චුප්පු එරට නව ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගෙන තිබේ.
Read Moreරජයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහනට අදාළ චක්‍රලේඛය මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර තිබේ.
Read Moreබ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1912දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කළ සුරා බදු ආඥා පනත වෙනුවට නව සුරාබදු පනතක් සකස් කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreපළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreරුසියාවෙන් එල්ල වන ප්‍රහාරවලට මුහුණදීම සඳහා යුක්රේන හිතවාදී පාර්ශ්වක ආයුධ, ඉන්ධන, අමතර කොටස් ආදී අමුද්‍රව්‍ය ඒකරාශී කිරීම වේගවත් කර ඇති බව නේටෝ ප්‍රධානියා පවසයි.
Read Moreරජය විසින් පොලී අනුපාත තීරණය කරන බවට විපක්ෂනායකවරයා කළ ප්‍රකාශය ගැන තමන් පුදුම වන බවත් විපක්ෂනායකවරයාගේ විෂයානුබද්ධ දැනුම අනුව එම ප්‍රකාශය කර ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreයුරෝපයේ රටවල්හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන ලිතුවේනියාවේ ප්රමුඛ සමාගමක් ට්‍රක් රථ රියදුරන් හය සියක් බඳවා ගැනීමට සූදානම් වෙයි .ඒ සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදෙන බව ලිතුවේනියාවේ Manvesta ප්‍රවාහන සේවයේ ජේෂ්ඨ අධ්යක්ෂ ධනා ජැනරිකෙඒට් මහත්මිය පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩිකාවන්ට දෙන තරග දීමනා තුන් ගුණයකින් ඉහළ නැංවූ බව නිවේදනය කර ඇත.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කඩවත කොටසේ ඇස්තමේන්තුව රුපියල් බිලියන 158 සිට රුපියල් බිලියන 265 වැඩි වී ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ණය චීන එක්සිම් බැංකුවෙන් ලබාදීම අත්හිටුවා ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreපළාත් පාලන මැතිවරණය කල් යා හැකි බවට ඉඟියක් මැතිවරණ කොමිසමේ අද පැවැති පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේදී නිර්මාණය වී තිබේ.
Read Moreඅත්‍යාවශ්‍ය සේවා හා ප්‍රවාහන පහසුකම් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය සැපයුම් පද්ධතිය නවීකරණය කිරීම වෙනුවෙන් ජපාන ආර්ථික හා සමාජ සංවර්ඡන වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාව වෙත ජපන් යෙන් බිලියන 5ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 38) ප්‍රධානයක් ලෙස ලබාදිමට නියමිතව තිබේ.
Read Moreඑක්දින පිටියේදී සුවිශේෂී වාර්තා තැබූ, ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ වේගපන්දු යවන්නෙකු වන චමින්ද වාස්ගේ සුවිශේෂී වාර්තාවකට අද දිනට දශක දෙක සම්පූර්ණ වේ.
Read Moreරාජ්‍ය අංශයේ සියළුම ආයතන වල ගෙවීම් සහ අය කිරීම් සඳහා විද්‍යුත් ගෙවීම් පහසුකම් සැලසීම අනිවාර්ය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියමාර්ග ගන්නා ලෙස තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දෙයි. තාක්ෂණ අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙන ලදි.
Read Moreවසර කිහිපයක සිට පොහොර සමාගම්වලින් රසායනික පොහොර හා කාබනික පොහොර මිල දී ගැනීම නිසා රුපියල් මිලියන 17,000ක මුදලක් එම සමාගම්වලට රජය විසින් ගෙවිය යුතු බව අදාල පොහොර සමාගම් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
Read Moreකාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රි‘කට් තරගාවලියේ සත්කාරක දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 65 ක දැවැන්ත පරාජයක් ලැබීමට නවසීලන්තයට සිදුවිය.
Read Moreකිසිසේත් ඡන්දය නොපැවැත්වීමේ අදහසක් රජයට නෑ. තිබෙන මුදල් තත්ත්වය පිළිබඳව සෑම මසකම දැනුවත් කරනවා. භාණ්ඩාගාරයට ලැබුණ මුදල හා එය වියදම් කරන ආකාරය දැනුම් දෙනවා. රජය සතයක්වත් ඉතිරි කර ගන්නේ නෑ. මීට පෙර සියලුම ආණ්ඩු වියදම් දරලා තියෙන්නේ ණය ගැනීමෙන් හා මුදල් අච්චු ගැසීමෙන් ණය ගෙවීම් පැහැර හැර ඇති නිසා ණය ගන්න බෑ.
Read Moreබොරැල්ලේදී ආරක්ෂක අංශ සාමාජිකයෙකුගේ කාන්තාවකගේ පපුවට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
Read Moreඒ් නිසා දිගින් දිගටම ඇතිවන අයවැය පරතරය තුළ ලංකාවේ සියලුම ආණ්ඩු කර තිබෙන්නේ මුදල් අච්චි ගැසීමයි ණය ගැනීමයි. මුදල් අච්චු ගැසීමෙන් පමණක් ලෝකයේ කිසිම රටක් දියුණු කරන්න බෑ කියලා න්‍යායක් තිබෙනවා.
Read Moreකුලියාපිටිය මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේන මහතාගේ නිල මෝටර් රථය කොල්ලකෑ සැකකරු වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
Read More