සිය ජංගම දුරකථනයට රීලොඩ් ලබා නොදීම හේතුවෙන් කඩ හිමියාගේ නිවස බිද, 27 ලක්ෂයකට අධික දේපල සොරා ගත් පුද්ගලයකු කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරු විසින් පොලිසිය වෙත පවසා ඇත්තේ තමන්ගේ ජංගම දුරකථනය වෙත රීලොඩ් එකක් ණයට ලබා දෙන ලෙස ඉල්ලීමක් කලද කඩ හිමියා එය ප්රතික්ෂේප කිරීම හේතුවෙන් .ඔහුගේ නිවස බිද මෙම දේපල සොරා ගත් බව පොලිස් පොතේ සදහන් වේ.
කලවාන නිකගොඩ ප්රදේශයේ පදිංචි සැකකරු , එම නිවස අසල පදිංචි කරුවෙක් බව කලවාන පොලිසිය පැවසීය . සොරා ගත් දේපල අතර පවුම් දහයකට ආසන්න රණ් ආභරණ ඇති බව කලවාන පොලිසිය පැවසීය .
කලවාන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එච් එම් ඩබ්ලිව් හේරත් මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක රණතුංග , පොලිස් පරීක්ෂක ගුණතිලක , පොලිස් කොස්තාපල් සුපුන් ( 24553) යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
කලවාන - උපේන්ද්ර ප්රියංකර ජාතුංගම