මොනරාගල පොලිස් වසමට අයත් සිරිගල මොණරකැළේවත්ත (උඩකොටස) පදිංචි මාස 04 වයසැති තම දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට දැරියගේ 31 හැවිරිදි පියා ඉකුත් (05) වෙනිදා මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
එදින උදෑසන සිඟිත්තියගේ මව දරුවා බලාගන්නා ලෙස ස්වාමිපුරුෂයාට භාරදී නිවසෙන් පිටවගොස් තිබේ.
ඇය ටික දුරක් යන විට දරුවා නොනවත්වා හඬන බව ඇසී ආපසු නිවසට පැමිණ විටදී මම මේ බව දැක තිබේ.
බිරිඳ ඔහුට පහරදී දරුවාද රැගෙන මොනරාගල පොලීසියට ගොස් පැමිණිලිකර තිබේ. පොලීසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතුයොදා ඇත.
සිඟිතිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර තිබේ. මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එස් චාමින්ද සංජීව මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක