සිය දියණිය සමග කැස්බෑව හල්පිට පදික මාරුව මතින් ගමන් ගත් පෙර පාසල් ගුරුවරියක් මෝටර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.
අනතුරෙන් පසු මෝටර් රථය පලා ගොස් ඇත. 12 හැවිරිදි දැරිය ප්රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ පොල්ගස්සොවිට හල්පිට නාගහවත්ත මාවත පදිංචිව සිටි පුෂ්පිකා සෙව්වන්දි නාකන්දල 38 පෙර පාසල් ගුරුවරියකි
මිය ගිය පෙර පාසල් ගුරුවරිය පිළියන්දල සිට බස් රථයෙන් පැමිණ හල්පිට ප්රදේශයෙන් බැස පදික මාරුව හරහා ගමන් කිරීමේදී කහතුඩුව සිට කැස්බෑව දෙසට ධාවනය වූ මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
පලා ගිය මෝටර් රථයේ වම්පස පැති කණ්ණාඩිය එම ස්ථානයේ වැටී තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
පළා ගිය මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා සීසීටිවී දර්ශන ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි
කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ