වසර 14ක් නිවාඩුවක් නොගත් විදුහල්පති
තම සේවා කාලයේ වසර දාහතරක් තුළ එකම නිවාඩුවක්වත් ලබා නොගත් විදුහල්පතිවරයෙක් පිළිබඳ පුවතක් හොරණ අධ්‍යාපන කලාපයේ පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයේන් වාර්තා වෙයි.
එම පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන විදුහල්පති සුසන්ත ජයනාල් පෙරේරා මහතා මෙසේ සිය වසර 14ක කාලය තුළ ඒකදු නිවාඩුවක් හෝ ලබාගෙන නොමැත.
සුසන්ත මහතා ඉංග්‍රිසි ගුරුවරයකු වශයෙන් මුල්ම පත්වීම ලබා ගත්තේ මහියංගන අධ්‍යාපන කලාපයේ පස්සර මීරියබැද්ද පුංචි ඉස්කෝලෙටය. ඒ 1994 වර්ෂයේ දීය. හෙතෙම වසර දහයක පමණ එහි රාජකාරී ගත කළේය.
2010 අවුරුද්දේ ඔහුට භාරගන්නට වෙන්නේ වැහෙන්නට ඔන්න මෙන්න කියා තිබෙන පාසලක්ය. ඒ හාන්දුපැල්පොල කනිෂ්ඨ විද්‍යාලයටය. වසර කිහිපයක පසුව ජාතික කියවීම් මාසයේ ලංකාවේ හොඳම පාසල ලෙසින් තේරීපත් වූ අතර ජාතික හරිත සම්මානය මෙන්ම හොඳම පාරිසරික පාසලට හිමි සම්මානයට ද එමෙන්ම බස්නාහිර පළාතේ හොඳම කනිෂ්ඨ විද්‍යාලය බවට ද පත්විය.
අනතුරුව 2016 වසරේ පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලය භාරගත් හෙතෙම වැඩ පටන් ගත්තේ පාසලම හරිත කලාපයක් බවට පත් කරමිනි.
කාර්ය බහුල ජීවන රටාව තුළ වුවද සුසන්ත නිර්මාණශිලීව පෑන හැසිරෙව්වේ පොහොසත් ශ්‍රි ලාංකේය සාහිත්‍යයක් වෙනුවෙන්ය. එහිදී ළමා සාහිත්‍යල චරිත කතාල කාව්යල අධ්‍යාපනල ළමා ගිතල පරිවර්තන ආදී කෘති පනහකට ආසන්න ගණනක් දායාද කර ඇත්තේය.
මංගල එදිරිසිංහ
මේ පිළිබඳව වැඩිදුර විස්තර හා ඡායාරූප හෙට (06දා) 'අද' පුවත්පතින්.....


popular news
-
Kanchuka Tuesday, 10 October 2023 06:49 AM
"Work life balance" eka gena school vala ugannanna oone menna me vage deval idiriyata sidu novenna
Reply : 1 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

