අවාරයේ ශ්‍රි පාදය සංචාරය කරන සංචාරකයන්ගෙන් ටිකට් අයකරයි
අවාරයේ හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රී පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊයේ (04) දින සිට මුදල් අය ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අසාධාරණ ක්‍රියාවක් බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවැසූහ.
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් (05) දින ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ රජ සමයේ සිට වාරයේ සහ අවාරයේ ශ්‍රි පාදස්ථානය වැද පුදා ගැනිමට පැමිණෙන කිසිදු වන්දනාකරුවෙකුගෙන් මුදල් අය කිරිමක් සිදු නොකල බවත්, වර්තමානයේ වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ශ්‍රි පාදස්ථානය වන්දනා කිරිමට පැමිණෙන හෝ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අවාරයේ මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අසාධාරණ බවයි.
තමන්නේ අවසර ලබාගෙන භුතානයෙන් පැමිණ සංචාරකයන් පිරිසක් (05) දින අළුයම ශ්‍රි පාදස්ථානය සංචාරයක් සදහා ගිය බවත්, එම සංචාරකයන්ගේ නල්ලතන්නිය ශ්‍රි පාදස්ථාන ප්‍රධාන මාර්ගයේ මකර තොරණ අසල පිහිටි වනජිවි සංරක්ෂණ කාර්යාලයෙන් එක් සංචාරකයෙකුගෙන් ඩොලර් 5 ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කර ඇති බවයි.
ශ්‍රි පාද රත්නපුර සහ හැටන් මාර්ගයේ පියගැටපෙල ඇතුළු වන්දනාකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමට තමන් කටයුතු කල බවත්, ඒ සදහා වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව කිසිදු අයුරකින් සහයෝගයක් ලබා නොදි අවාරයේ ශ්‍රි පාදස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ශ්‍රි පාදස්ථානය සංචාරය කිරිම ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටින්නේ.
ශ්‍රි පාදස්ථානය අවාරයේ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම සම්බන්ධයෙන් අප නල්ලතන්නිය වනජිවි සංරක්ෂණ කාර්යාලයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ අවාරයේ ශ්‍රි පාදස්ථානයේ සංචාරය සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම සදහා 2022 වසරේ වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවයි.
එම ගැසට් පත්‍රය අනුව (04) දින පස්වරුවේ සිට නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රි පාදස්ථාන සංචාරයේ යෙදෙන විදේශිය සංචාරකයෙකුට ඩොලර් 5 ක මුදලක් , සාර්ක් රටවල් වලින් පැමිණෙන විදේශිය සංචාරකයන්ට ඩොලර් 4 ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලෙසට තමන්ට වනජිවි දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරින්ගෙන් උපදෙස් ලැබුණු බවයි.
දේශිය සංචාරකයන්ට රු 40 ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, මෙම ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම ශ්‍රි පාද අවාරයේ පමණක් සිදු කරන බවයි එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ.
අවාරයේ ශ්‍රි පාදස්ථානයේ සංචාරය සදහා පැමිණෙන සංචාරකයන්ට වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම නල්ලතන්නිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේද විරෝධය මතු වි ඇත.



popular news
-
ලංකාපුත්‍ර Thursday, 05 October 2023 07:46 AM
මේවා ඉතාමත් නින්දිතම නීචයින්ට හිතුමනාපයට කරන ගසාකෑමක් කියන්න පුළුවන් ශ්‍රීපාදස්ථානය වනජීවි එකට අයත් එකක් නොවෙයි ගැසට් පත්‍රය නිකුත්කල පුද්ගලයා කරල තියෙන්නෙ නොහොබිනා වැඩක් ඒක විශේෂයක් වන්නේ ශ්‍රීපාදස්ථානයේ ආරාධනා මත පැමිණි පිරිසකට මෙහෙම කිරීමත් හාමුදුරුවන්ට හා සමස්ත රටටම කල අපහාසයක් කියලා කියන්න පුළුවන් රාජ්‍ය සේවකයින්ට මෙහෙම රටට අපහාස කරන්න තහනම් නිසා ඔවුන්ට විරුද්ධව විනයානුකූලව දඩුවම් කරන්න ඕන ගැසට් පත්‍රයද එහෙම එකක් තමයි කියලා හිතෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

