රැඳවුම් නියෝග මත රඳවා සිටින සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නැමති සංවිධානාත්මක අපරාධකරු දුන් ප්රකාශ මත මුල්ලේරියාව කුමාර මාවතේ කැලෑවක සඟවා තිබූ පිස්තෝල ගිනි අවි දෙකක් සොයා ගත් බවබස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.
දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටින ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් සිදුකළ ප්රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව ගිනි අවි දෙක සොයාගෙන ඇත.
පසුගිය වසරේ ජූනි මස 26 වැනි දින දින පෑලියගොඩ දුම්රියවල පාරෙදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ මෙම වසරේ ජනවාරි 17 වැනි දින පෑලියගොඩ කලු පාලම අසලදී තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගෙන තිබුණේ මෙම ගිනි ගිනි අවි බව සැකකරුගෙන් ප්රශ්න කිරීමේ දී අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.