බිබිල බදුල්ලගම්මන කුඩාකිවුල ප්රදේශයේ මැණික් පතලක් කඩා වැටීමෙන් එයට යටවීමෙන් පුද්ගලයකු ඊයේ (5) රාත්රි මියගිය බව බිබිල පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ බිබිල දියකොබල කරගහවෙල ප්රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයකු යැයි පොලිසිය කීය .
මොහු තවත් පුද්ගලයන් කිහිපදෙනක් සමඟ ඊයේ (5) පස්වරුවේ මෙම මැනික් පතලේ අඩි 25ක් පමණ ගැබුරට බැස පස් කැනිම් කටයුතු සිදු කරමින් සිටියදී එක්වරම පස්කන්දක් කඩා වැටීමෙන් මොහු ඊට යට වී ඇතැයි පොලිසිය සදහන් කළේය .
අනතුරුව බැකෝයන්ත්ර ආධාරයෙන් සිදු කල මෙහෙයුමකින් පසුව පැය කීපයකට පසු රාත්රි පස්කන්දට යට වී තිබූ මළසිරුර සොයා ගත් බවද පොලිසිය පැවසීය .
ප්රසාද් රුක්මාල්/සුමනසිරි ගුණතිලක