කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ை සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇතැයි කොළඹ ජාතික රෝහල් වාර්තා පවසයි.
අනතුර හේතුවෙන් ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිසිය පවසයි.
කොළඹ සිට මතුගම බලා ධාවනය වූ ලංගම බස් රථයකට මෙසේ ගසක් කඩා වැටී තිබුණ අතර ඉන් පුද්ගලයන් 17ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ පස් දෙනෙකු මියගොස් තිබේ.
අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මෙම අනතුර සිදුව තිබුණි.