saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 4151 hours ago

LATEST

පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ඩලස්ලා කියති

calendar_today 2023 පෙබ 16 - 16:25 remove_red_eye - 530  

මැතිවරණය කල් දැමීම සමඟ රටේ උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි ව්පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් සිය අත්සන් සහිත ලිපියක් යොමු කරමින් අගමැතිවරයාගෙන් සහ කතානායකවරයාගෙන් ඊයේ (15) ඉල්ලීමක් කර තිබේ.

නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශයේ සිට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ජලය රැගෙන යන විශාල නලයක සති තුනක් තිස්සේ විශාල ජල කාන්දුවක් සිදු වන බවත්, එම ජල කාන්දුව නතර කිරිමට විදුලි බල මණ්ඩලය කිසිදු පියවරක් ගෙන නොමැති බව ජල කාන්දුව සිදු වන ස්ථානය අවට පදිංචිකරුවන් පවසයි.

Read More

සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දමා තිබේ. ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පළමු වසර සිසුන්ට කළ පහරදීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Read More

කොල්ලුපිටිය මර්චන් ටවර් ගොඩනැගිල්ලේ 6 වැනි මහලේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලයට මුද්‍රා තැබීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 55,000කි. මෙතෙක් අප රටේ නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 5000ක් පමණක් වන අතර ඉතිරි 50,000ම ආනයනය කරනු ලැබ තිබේ.

Read More

අපි කැමති නෑ ජනතාව මත පමණක් බර පටවලා මේ ක්‍රියාවලිය කරගෙන යා යුතුයි කියන එක නෙමෙයි අපේ මතය. විකල්ප පිළිබඳව අධ්‍යනය කිරීමෙන් පසුව අපිට මේ තීරණය තමයි අපිට අකමැත්තෙන් වුණත් ගන්න තිබුණේ

Read More

උණවටුන වෝටර් ගේට් හෝටලයේ නැවතී සිටි රුසියානු ජාතික කාන්තාවකගේ හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ ඇමෙරිකානු ඩොලර් 16100ක්, රුසියානු රූබල් 195000ක් හා යූරේ 200ක් සොරකම් කිරීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.මෙම සිදුවීම සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු ඇතුළු තිදෙනෙක් මීට පෙර අත්අඩංගුවටගෙන තිබුණි.

Read More

’’අනේ සර් සල්ලි ටිකෙන් ටික එකතු කරලා රුපියල් 53000 දිලා දත් ඇන්ඳක් දාගත්ත . මාස පහයි තිබුණේ ඒක කඩල බේසමට වැටුණා. සර් මට සාධාරණයක් කරලා දෙන්න’’

Read More

විදුලි ගාස්තුව වැඩිකිරීමට සමගාමීව බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකිරීමට තීරණය කර තිබේ. මේ අනුව එම ආහාරවල මිල 10%කින් වැඩි කිරීමට නියමිතය.

Read More

අර්තාපල් කිලෝව රුපියල් 20කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 375කි. ලොකු ලූණු කිලෝව රුපියල් 10කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 149කි. සම්බා සහල් (ආනයනික) රුපියල් 7කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 198කි. රතු පරිප්පු රුපියල් 7කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 358කි. රතු කැකුළු සහල් (දේශීය) රුපියල් 5කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 164කි. සදු කැකුළු සහල් (ආනයනික) කිලෝව රුපියල් 5කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 179කි.

Read More

විදුලි ගාස්තු සංශෝධනය වීමත් සමග අද (16) සිට විදුලි කප්පාදුව නවත්වන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

විදුලි ගාස්තු සංශෝධනය කිරීමත් සමග බාධාවකින් ‌තොරව විදුලි පාරිභෝගිකයන් වෙත විදුලිය සපයන ලෙසට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට මෙන්ම ආදාළ අංශ වෙත උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

Read More

ඔවුන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම සදහා ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය භාවිතා කර ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව වැඩිම එලවළු තොග සපයන නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඹන මහ වෙල් යායේ වගාකර ඇති දඹල වල මිළ පහළ යාම හේතුවෙන් ගොවින් මහත් අසිරුතාවට පත්ව ඇතැයි අඹන ගොවි සංවිධානය කියයි.

Read More

මඩකලපුව බන්ධනාගාරයේ රැඳවියන් විසින් සිදු කරන ලද සහල් අස්වනු නෙලීමේ උත්සවය ඊයේ (15) පෙරවරුවේ බන්ධනාගාර අධිකාරී එන්.ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

රජයේ මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පති සහ මහාභාණ්ඩාගාර ලේකම්වරයා මැතිවරණයට බාධා කිරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකු මුතියංගන පුජා භුමිය ඉදිරියේදි මත් පෙති 145ක් මුදලට අළෙවිකිරීමට යාමේදි පොලිස් විශේෂ කාර්ය්‍ය බලකාය මගින් ඊයේ (14දා) රාත්‍රි අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

විදුලිය ගාස්තු සියයට 66 කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මණ්ඩලය පවසයි.

Read More

කුඩා දරුවෙකුද සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය ගණන මීට වඩා වැඩිවිය හැකි බවටද අනතුරු ඇඟවෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළ හැකි බවට වන දැනුම්දීම එළඹෙන මාර්තු මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කරනු ඇති බවජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සිය ශාරීරික යෝග්‍යතාව සියයට සියයකින්ම වැඩි කර ගැනිමට විවිධ එන්නත් වර්ග ලබා ගන්නා බවටත්, එය තහනම් උත්තේජක පරීක්ෂණ මගින් හෙලි කිරීමද අපහසු බවත්, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තේරීම් කමිටු ප්‍රධානී චේතන් ෂර්මා පවසයි.

Read More

රනිල් වික්‍රමසිංහ හදිසියේ රජයේ මුද්‍රණාලයාධිපතිනිය කැඳවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටුවීමට නියෝග කර ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කරයි.

Read More

පළාත් පාලන මැතිවරණය කල් දැමිමට අලි කපුටු පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

Read More

විදේශ වෙළඳපොලෙහි ඉහළ ඉල්ලුමක් පවතින අලිගැට පේර අපනයනය තුළින් රටට විදේශ විනිමය ගෙනඑන අතර අදාළ ගොවීන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමද ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කෙරෙන අලිගැටපේර ව්‍යාපෘතියක් ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ මෙහෙයවීමෙන් බණ්ඩාරවෙල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මඟින් ආරම්භ කොට තිබේ.

Read More

මිනිසුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන් මිරිස්ස මුහුදු තිරයේ තල්මසුන්ගේ ගහණය අඩුවි ඇති බව මිරිස්ස තල්මසුන් නැරඹිමේ සහ සුරැකිමේ සංගමය පෙන්වා දෙයි.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට පවරන ඕනෑම රාජකාරියක් සිදුකිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සියළුම කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බව තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බන්ඩාර ප්‍රකාශ කරයි.

Read More

අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ නැවත සංවර්ධනය කළ ‘රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය’ පුහුණුවීම් සඳහා විවෘත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාට යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා එවන ලද ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හේතුවෙන් එය බාරගැනීමට නොහැකි බවට මන්ත්‍රීවරයා විසින් පොලීසියට ඊයේ (14) දින දැනුම් දෙනු ලැබීය.

Read More

විදුලිබිල වැඩි කිරීමට අදාල මහජන උපයෝගිතා කොමිසම රංගනය නිරතවන බවත් අවසානයේ දී සියලු පාර්ශව එකට එකතු වී විදුලි බිල වැඩි කිරීම සඳහා කටයුතු කරන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.