සීතාට වැඩිදුර ප්‍රතිකාර කිරිමට නුවරට ගෙනෙයි
මහියංගන පෙරහැරට සහභාගි වීමට පැමිණ සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්න වැඩිදුර ප්‍රතිකාර සිදුකිරීම සඳහා මහනුවරට රැගෙන යාමට තීරණය කළ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැවසීය .
ජේෂ්ඨ මහාචාර්ය වරයා ගෙන් කළ විමසීමකදී පවසා සිටියේ එම ඇතින්නගේ ශරීරයේ ප්‍රධාන වශයෙන් තිබූ උන්ඩ කැබිලි ශල්‍යකර්මයක් මගින් ඉවත් කළ බවත් ශරීරයේ ඇති අනෙකුත් උණ්ඩ කැබලි ඉවත් කිරීමට අවශ්‍යතාවයක් නොවන බවත්ය . එසේ සිදුකොට ඇතින්නගේ ශරීරයේ අනවශ්‍ය තුවාල ඇති කිරීමට අවශ්‍යතාවයක් නොවන බව ද මහාචාර්ය වරයා අවධාරණය කළේය .
ඒ අනුව ඇතින්න රඳවා සිටි මැස්සෙන් ඉවත් කොට ඊයේ (05) දහවල් විශේෂ ප්‍රවාහන මාධ්‍යයක් මගින් මහනුවරට රැගෙන ඒමට පියවර ගත් බවත් ඇතින්න කිරිබත්කුඹුර ප්‍රදේශයේ ස්ථානයක රඳවා වැඩිදුර ප්‍රතිකාර කිරීමට පියවර ගන්නා බව ද මහාචාර්යවරයා පැවැසීය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

