ගංවතුර නිසා කිඹුල් කරදරයකුත්
මාතර දිස්ත්‍රික්කය තුළ ඇතිවී තිබෙන ගංවතුර තත්වය සමග නිල්වලා ගගේ සිටින කිඹුලන් විශාල ප්‍රමාණයක් ගොඩබිමට පැමිණ ඇති බව ජනතාව පවසති.
මෙම කිඹුල් උවදුර හේතුවෙන් බොහෝ පිරිස් සහන සේවා කටයුතු වල නිරතවීමටද දැඩි මැලිකමක් දක්වති. එම නිසා ඇතැම් ස්වෙච්ඡා සංවිධාන හා පරිත්‍යාගශීලීන් ආපදා ප්‍රදේශ වලට නොයා තම ආධාර තොග විපතට පත් ජනතාවට බෙදා දීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ආරක්ෂක අංශ වෙත භාරදෙන අයුරු දැකගත හැකි විය.
විශේෂයෙන්ම මාතර නගරයේ කාණුවල මෙන්ම ඇලවේලී, කුඹුරු වලද පසුගිය දින කිහිපයේ කිඹුලන් රැසක් සිටින අයුරු දැකගත හැකි විය.
මාතර කොටුව නිල්වලා ගං මෝය කටින් මුහුදට ගසාගෙන ගිය කිඹුල් පැටවුන් කිහිප දෙනෙකුද හමුවිය.
උද්ගතව ඇති කිඹුල් උවදුර සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ආපදා කලමණාකරණ රැස්වීමේදීද අවධානයට ලක්වී තිබුණි.
එහිදී ගොඩ බිමේ සිටින කිඹුලන් අල්ලා ආරක්ෂිත ස්ථානවලට ගෙන ගොස් දමන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වන ජීවී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ක්‍රිෂාන් ජීවක ජයරුක්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

