තලන්ගම දී ව්‍යාපාරික වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ තුවක්කුකරු වන හිටපු කොමාන්ඩො සෙබලා වන සුපුන් ආකාශ් නොහොත්කොට සුපුන් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් සමග සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවෙන් අනතුරුව පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා වැටී සිටි ස්ථානයේ තිබී ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරු පැදියක් සහ බෑග් එකක දමන ලද අත් බෝම්බයක් ද පොලිසිය මගින් සොයා ගැනිණි
ඊට අමතරව මියගිය පුද්ගලයාගේ අත රැඳි ටි 81 වර්ගයේ ගිනි අවියක් ද පොලිසිය මගින් සොයාගෙන තිබිණි.
සංවිධානාත්මක කල්ලියක් පාදුක්ක වග දුම්රිය ස්ථානය ආසන්නයේ පින්නවල ප්‍රදේශයේ පාළු නිවසක අපරාධයක් සැලසුම් කරමින් සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් තිස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ 7 අලුයම 3ට පමණ කණ්ඩායම් තුනකට බෙදී එම ස්ථානය වැටලීමේදී එම නිවස දෙසින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද පෙරළා වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
එහිදී එම නිවසේ සිටි එක් පුද්ගලයකු පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබමින් පලාගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මද වේලාවකට පසු එම නිවස වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් වෙඩි වැදී තුවාල ලබා සිටි කොට සුපුන් නැමැත්තාව පාදුක්ක රෝහල වෙත ඇතුලත් කර තිබූ අතර ඒ වන විටත් ඔහු මියගොස් තිබිණි
මියගිය කොට සුපුන් නැමැත්තා ඉකුත් අප්‍රේල් මාසයේදී හමුදා සේවයෙන් ඉවත් වු පුද්ගලයකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
සංවිධානාත්මක අපරාධකරුවන් වන ලඩියා හා ගඩ්ඩා ගේ සමීපතමයෙකු වන කොට සුපුන් වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කර ඇතැයි පොලිසිය කියයි. හංවැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.