තරඟයට ආ බස් රථ එකිනෙක ගැටී හයකට තුවාලයි
එම අනතුරත් සමගම ප්රකෝප වූ මගින් සහ ප්රදේශවාසීන් අනතුර සිදුකළ බස් රථ රියදුරුට පහර දී ඇති අතර පොලිසිය මැදිහත් වී රියදුරු දැඩි පරිශ්රමයකින් බේරා ගෙන අත් අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇත.
සිදු වූ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලැබූ අතර ඔහුන් 1990 සුවසැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
මතුගම සිට හොරන දක්වා සහ කළුතර සිට හොරණ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ දෙක හොරණ කළුතර මාර්ගයේ යාල හංදියේ සිට මගින් ගැනීම සඳහා එකිනෙකා පරයා ධාවනයේ යෙදී ඇති අතර කළුතර සිට හොරණ දක්වා ගමන් ගත් බස් රථය බැල්ලපිටිය පාසල අසල බස් නැවතුමේ නැවතීමත් සමඟම මතුගම සිට හොරණ දක්වා ධාවනය වූ බස් රථය අධික වේගයෙන් පැමිණ ඉදිරියෙන් නවතා තිබූ බස් රථය පිටුපසින් ගැටීමට සලස වා මෙම අනතුර සිදුකර තිබූ බව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ යේ කළුතර සිට හොරණ දක්වා ධාවනය වන බස් රථයේ ගමන් ගත් මගීන් ය. අත්අඩංගුවට ගත් මතුගම හොරණ බස් රථයේ රියදුරු හොරණ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

