මිහින්තලේ පිහිටි රජරට විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවට ආහාර සපයන පුද්ගලයෙකුගෙන් අල්ලස් ලෙස, මත්පැන් බෝතලයක් සහ පැණි බීම බෝතලයක් ලබා ගත් රජරට විශ්වවිද්‍යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, විශ්ව විද්‍යාල කාර්යමණ්ඩලයේ පිරිසක් රැක සිට අල්ලා ගෙන පොලීසියට භාර දුන් බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස පොලිසියට භාරදී ඇත්තේ රජරට විශ්ව විද්‍යාලය, සෞඛ්‍ය හා සනීපාරක්ෂක කටයුතු සඳහා යොදවා සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු වන ගලේවෙල පදිංචි පුද්ගලයකි.
විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවට බට්ටා ලොරි රථයකින් පැමිණ, ආහාර නිෂ්පාදන අලෙවිකරණ පුද්ගලයෙකු ලබා දුන් තොරතුරකට අනුව, විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලයේ සහ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින්, මිහින්තලේ ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටදී, මිලි මීටර් 750 අරක්කු බෝතලයක්,සහ පැණි බීම බෝතලයක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථාවේදී තම භාරයට ගෙන සැකකාර මහජන පරීක්ෂක වරයා පොලීසියට බාර දී තිබූ බව පොලිසිය සඳහන් කළේය
සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් දිගින් දිගටම අල්ලස් ලබා ගැනීම හේතුවෙන් අපහසුතාවයට පත්ව අදාල වෙළෙන්දා විසින් විශ්වවිද්‍යාල පරිපාලනය දැනුවත් කර සැකකරු නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කර තිබූ බව පොලීසිය කියයි.
මෙම සිද්ධියට සම්බන්ධ එම සැකකරු ඊයෙ (8දා) 'ඒ' වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති.