මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බැන තර්ජනය කළ කන්ටේනර් රථ රියදුරන් තිදෙනෙකුට දඩ මුදලක් හා වන්දි මුදලක් ගෙවීමට සිදු වු බව මහබාගේ පොලීසිය පවසයි.
මහා මාර්ගයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු කන්ටේනර් රථයක් පරීක්ෂා කිරීමට සුදානම් වීමේදී පුද්ගලයන් තිදෙනෙකු පොලිස් රාජකාරියට බාධා කරමින් පොලිස් නිලධාරීන් ට සාපරාධී බලහත්කාරය පෑම හා බිය ගැන්වීම නිසා අත් අඩංගුවට ගත් පොලීසිය කීය.
එලෙස අත් අඩංගුවට ගත් පුද්ගලයින් වැලිසර මහේස්ත්රාත් වරයා හමුව ට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් වරද පිළිගැනීම නිසා ඒක පොලිස් නිලධාරීන් දෙදෙනාට රුපියල් 30000/= බැගින් වන්දි මුදලක් ගෙවීමට නියම කෙරිණි. එසේම වසර දෙකක් සදහා රුපියල් ලක්ෂ දෙක බැගින් වු බැදුම්කර යකට යටත් කරනු ලැබූ බව පොලිසිය පැවසුවේය.
ප්රසංග පෙරේරා