කළුතර ප්රදේශයේ ප්රසිද්ධ විහාරස්ථානයක වැඩවසන හිමිනමකට අයත් රුපියල් ලක්ෂ 11 කට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට පෙරේදා (08) ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උතුර පොලිසිය පැවසීය.
ප්රදේශයේ ප්රසිද්ධ විහාරස්ථානයක නායක හිමි නමක විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
විහාරාධිපති හිමියන් වැඩවසන කුටියේ උන් වහන්සේ සැතපෙන ඇදෙහි කොට්ටය යට තිබූ රුපියල් දසලක්ෂ අනූහත් දහස් පන්සීයක මුදලක් මෙසේ සොරකම් කර ඇති බව පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලිසිය කීය.
විහාරස්ථානයේ සංවර්ධන කටයුත්තක් සදහා වෙන්කර තිබූ මුදල් මෙසේ සොරකම් කර ඇති බව සදහන් වේ.
සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැති බවත් ඔවුන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය. කළුතර කොට්ඨාස ඇගිලි සටහන් පරීක්ෂණ නිළධාරීන්ද පරීක්ෂණ සිදුකිරිමට නියමිත බව සදහන්වේ.
ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්රසන්න බ්රාහ්මණගේ සහ සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල ලක්සිත මහතාගේ ප්රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය සහ වාද්දුව දයා හේමන්ත සිල්වා