කළුතර දිස්ත්‍රික්කය තුළ තිබෙන අනතුරුදායක ගස් හඳුනාගෙන ඒවා කඩිනමින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් බව කලුතර මහ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පැවසීය.
දිසාපතිවරයා මේ බව පවසා සිටියේ කොළඹ දිස්ත්‍රික්කය තුළ අනතුරුදායක ගස් ඉවත් කිරීමට පියවර ගන්නවා සේම කළුතර දිස්ත්‍රික්කය තුළ තුල පිහිටා තිබෙන අනතුරුදායක ගස් ඉවත් කිරීමට පියවර ගන්නේ දැයි කළ විමසීමට පිළිතුරු වශයෙනි.
"පසුගිය සතියේ බදාදා දින රැස් වූ ආපදා කළමනාකරණ රැස්වීමේදී තමයි අපි එම තීරණය ගත්තේ , කොළඹ සිද්ධිය වුණේ පසුගිය සිකුරාදායි.
සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව පැවැත්වූ ආපදාකළමනාකරණ කමිටු රැස්වීමේදී ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ,පළාත් පාලන ආයතන මට්ටමින් එම ගස් හඳුනාගෙන ඉතා ඉක්මනින් එම අනතුරුදායක ගස් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. පසුගිය සිකුරාදා වන විටත් එවැනි අනතුරුදායක ගස් කීපයක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා .
ඒ සමගම මහජනයාට අනතුරුදායක වන ගස් විතරක් නොවෙයි අනෙකුත් ස්ථාන විශේෂයෙන් ග්‍රාම නිලධාරීන් මගින් හඳුනාගෙන අවශ්‍ය පිළියම් යෙදීම සඳහා ඒ ඒ ආයතන ප්‍රධානීන් ද සම්බන්ධ කරගනිමින් සාකච්ඡා කර විසදුම් ලබාදීම සඳහා එකඟතාවකට පැමිණියා."