ශ්රී ලංකා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායට අයත් කරන්දෙණිය කොහිල වගුර යුධ හමුදා කදවුරෙහි ටී 56 වර්ගයේ ගිනි අවියක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අද (8) පැමිණිල්ලක් ලැබුණු බව කරන්දෙණිය පොලීසිය කියයි.
කරන්දෙණිය ලංකා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා යුධ හමුදා කදවුරෙහි දෙක ලුතිතන් දිනිති උදාරා මලලගේ යන අය විසින් මේ පැම්ණිල්ල දැමූ බව ද පොලීසිය කියයි.
2023 ඔක්තෝම්බර මස 06 වන දින තමන් කදවුරේ රාජකාරි භාර නිළධාරියා වශයෙන් රාජකාරි නිරතව සිටි බවත්, එදින යුධ හමුදා කදවුරේ අවි ගබඩා පාලක ලෙස රාජකාරි කරනු ලබන හමුදා නිළධාරියා විසින් මේ ගිනි අවිය අස්ථානගතවීම සම්බන්ධයෙන් දැනුම් දීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් පැමිණිලි කර බව ද පොලීසිය කියයි.
අදාල සිද්ධිය සම්බන්ධව කදවුර භාර නිළධාරි මේජර් J.C.K .සුබසිංහ නිළධාරියා දැනුවත් කර ඇති බවත් අනතුරුව බූස්ස යුධහමුදා පොලිස් කදවුර දැනුවත් කිරීමෙන් අනතුරුව 2023.10.06 වන දින අවි ගබඩා පාලකවරයා ලෙස සිටි හමුදා නිළධාරියා යුධහමුදා පොලිස් බලකාය බාරයට ගෙන රදවා තබාගෙන ඇති බවටත්, අදාල පැමිණිල්ල මගින් සදහන් කර තිබෙන බවද පොලීසිය කියයි.
මේ ටී 56 ගිණි අවිය අස්ථානගතවීම සම්බන්ධව කරන්දෙණිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු අපරාධ අංශයේ නිළධාරින් මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.