බීමත් රාජ්‍ය ඇමති මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිට අහසට වෙඩි තබයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිට දී ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල ගිනි අවියකින් අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අධික ලෙස බීමත්ව මන්ත්‍රී නිවසේ බැල්කනියට ගිනි අවිය රැගෙන පැමිණ තිබූ රාජ්‍ය අමාත්‍යවරයා එයින් වෙඩි තුනක් අහස දෙසට එල්ල කර තිබූ බව එම ආරංචි මාර්ග වලින් පැවසේ
මෙම රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර අවස්ථා කිහිපයකදී ආන්දෝලාත්මක සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සමාජය අතර විවේචනයට පවා ලක් වූවෙක් බවත් පැවසේ
වරෙක සීය ඇමති තනතුරු බලතල පාවිච්චි කරමින් විවාහක රූප සුන්දරිය සමඟ බන්ධනාගාරය තුළට ගොස් රැඳවියකු දණගැස්වීමේ සිද්ධියක් ද එම දිනවල කතාබහට ද ලක්විය.
පෙරේදා (5) රාත්‍රී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් උසස් නිලධාරීන් ද දැනුම්වත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

