එංගලන්තයේ චැනල් ෆෝ නාලිකාව විසින් නිකුත් කළ වීඩියෝ පටය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීත නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.එහිදී ඔහු සඳහන් කළේ එම නාළිකාවට රාජපක්ෂවරු සමග පාරම්පරික වෛරයක් ඇති බවයි.
එහිදී ඔහු කළ ප්‍රකාශය
"අද සෞඛ්‍ය ගැන කතාකරන්න තිබ්බත් බොහෝ අය කතා කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන. Channel 4 ආයතනය මගින් නිකුත් කරපු වීඩියෝව ගැන. අපි පැහැදිලිවම කියන්න ඕන අපි ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරනව මිසක් අවස්ථාවාදී දේශපාලනයක් කරන්නේ නෑ.
පහුගිය කාලෙ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවල පාස්කු ප්‍රහාරයට වසරකට කලින් තියපු මැතිවරණයෙන් 70% වඩා ජයග්‍රහණය කළා. ඒ නිසා අපිට ප්රතිපත්තිවලින් එහාට ගිහින් මැතිවරණයක් ජයග්‍රහණය කරන්න උවමනාවක් තිබුණෙ නෑ. එහෙම අවශ්‍යතාවක් නෑ.
අද චෝදනා කරන්නෙ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ ජයග්‍රහණය වෙනුවෙන් ඒක භාවිත කළා කියල. පළමු කාරණය ඒ කාලෙ තිබුණෙ යහපාලන ආණ්ඩුව. ඒ තුළ ජනතා විමුක්ති පෙරමුණත් ක්‍රියාකාරීව හිටිය. දූෂණ විරෝධී කමිටුවක් තිබුණ. එදා අපේ පවුලේ සියලු දෙනාම වැඩිහරියක් කාලය ගත කළේ එෆ්. සී. අයි. ඩී. එකේ. පොලීසිවල හිරගෙවල් වල.
මට හිතාගන්න බෑ එහෙම කාලසීමාවක රාජපක්ෂවරු බුද්ධි අංශයේ ප්‍රධානයෙක් හොයාගෙන පාස්කු ඉරිදා ප්රාහාරයක් සැලසුම් කරන්නෙ කියන කාරනය. පාස්කු ඉරිද ප්‍රහාරයට සම්බන්ධ අය කොහේද හිටියෙ. ඒ මරාගෙන මැරුණු එක බෝම්බ කරුවෙක් යහපාලන ආණ්ඩුව බලයට ගේන්න කටයුතු කරපු මෛත්‍රීපා අතිගරු ජනාධිපතිතුමාගෙ වේදිකාවෙ හිටිය.
තව කෙනෙක් ජනතා විමුතක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙ අපේක්ෂකයෙක් විධියටත් හිටිය. විජයදාස රාජපක්ෂ අමාත්‍යතුමත් මේ ගැන පාර්ලිමේන්තුවෙ ප්‍රකාශයක් කළා. අන්තවාදී සංවිධාන ගැන. මුජිබර් මන්ත්රීිතුමාට එදා කිවුව ජාතිවාදය අවුස්සන්න එපා කියල.
එහෙම බැලුවනම් රාජපක්ෂ කෙනෙක් බලයට ගේන්න තමන්ගෙ ජීවිතය නැතිනරගත්ත කියන පිළිගන්න පුලුවන් කාරනයක් නොවෙයි. යම් කිසි විදියකින් එහෙම වුණා නම් ඔබ තමුන්නාන්සේලා සියලු දෙනත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ගේන්න කැප වුණා කියල තමයි කියන්න වෙන්නෙ.
මේ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වෙන්න ඕන. අදටත් 720 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනව. 70 වැඩි ප්‍රමාණයකට නඩු දාල තියෙනව. ඇමරිකාවෙ නඩු 3 විභාග වෙනව. ඒ වගේම අපිට වගකීමක් තියෙනව මේක දේශපාලීකරණය නොකරන්න.
නමුත් අද වෙන්නෙ මේ සියල්ල දේශපාලනීකරණය කරල වාසියක් ලබාගන්න උත්සාහ කරනව. මම විශ්වාස කරන්නෙ නෑ මේ වගේ දෙයක් දේශපාලනීකරණය කිරීම තුළින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැබෑ මොලකරු අත්අඩංගුවට ගන්න හෝ ජීවිතය අහිමි වෙච්ච අයට සාධාරණයක් කරන්න අපිට පුලුවන් වෙයි කියල.
ඒ වගේම Channel 4 ආයතනය මගේ පවුල එක්ක පාරම්පරික වෛරයක් තියෙනව. 2009 යුද්ධය අවසන් කළ වෙලාවෙ ඉදන් මෙම නාලිකාව රාජපක්ෂවරුන්ට විරුද්ධව නිරන්තරයෙන් වීඩියෝ චිත්‍රපටි ප්‍රදර්ශනය කළා. මම එය මාධ්‍ය ආයතනයක් විධියට සලකන්නෙ නෑ. ඒක වීඩියෝ චිත්‍රපටි කරන ආයතනයක්.
මේ ආයතනය 2009 යුද්ධය ඉවර කිරීමේ වෛරය පිරිමහගන්න නැවත කටයුතු කරනව. මේ වෙනකොට ඒ වීඩියෝ එකත් Channel 4 ආයතනයේ වෙබ් එකෙන් ඩිලීට් කරල තියෙනව. මම අහන්න කැමතියි එය හදනකොට යම් සාධනීය භාවයක් තිබුණ නම් ඇයි අද වෙනකොට ඒක ඩිලීට් කරල තියෙන්නෙ කියල."