කුරුණෑගල හබරණ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක නොකිරීමට රජය විසින් 2022 දෙසැම්බර් මස තීන්දුවක් ගැනීම හේතුවෙන් ව්‍යාපෘතිය සඳහා මේ දක්වා වියදම් කළ රු.මිලියන 560ක මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත් වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2023 සැප්තැම්බර් මස 02 වැනි දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරියකුගෙන් කරන ලද විමසීමක දී පෙරේදා(4දා) අනාවරණය විය.
මෙම ව්‍යාපෘතිය යටතේ 2016 පෙබරවාරි මාසයේ සිට 2022 නොවැම්බර් මාසය දක්වා ඉඩම් අත්පත් කර ගැනීම සඳහා රජය වියදම් කළ මුදල රු. මිලියන 349.06 යන මුදල ද ඇතුළු ව සමස්ත ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 568 ක් වියදම් කර තිබූ බව නිකුත් කරන ලද විගණන වාර්තාවේ සඳහන්ව ඇත.
චන්දන සමරවික්‍රම