saravita-anim2

2025 ජුනි මස 28 වන සෙනසුරාදා

2025 ජුනි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 40 hours ago

LATEST

ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායෙලයේ සේවය කළ අනුරපුරේ ඉරෝෂිකා තුවාල ලබයි

calendar_today 2025 ජුනි 19 - 12:30 remove_red_eye - 305  

ඊශ්‍රායලයේ ටෙල් අවිව් රෝහලේ තමා බලාගන්නා වැඩිහිටියෙකු සමඟ Beersheva Soreka hospital සිටි ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වන ඉරෝශිකා චතුරංගනී මහත්මිය අද දින රෝහල ආසන්නයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව ඊශ්‍රා යෙලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

දුම්රිය නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට නියමිතය.

Read More

උසාවිය මගින් දඩුවම් ලැබූ අයවළුන්ගෙ පවා වැඩ තහනම් නොකර, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ පමණක් හදිසියේ වැඩ තහනම් කිරීම තුල පැහැදිලිවම පෙනී යන්නේ, පලිගැනීමක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කලේය.

Read More

මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත.

Read More

පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා රෝගය හා පොල් කෘමි හානි මර්දනය කිරීම සඳහා ඉන්දුනීසියාව භාවිත කරන ක්‍රමවේද භාවිත කිරීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Read More

මෙරට පෙර පාසල් දරුවන් අතර දිනකට නිර්දේශිත ප්‍රමාණය මෙන් හතර ගුණයක් සීනි පරිභෝජනය කෙරෙන බවත් එසේම පෙර පාසල් දරුවන්ගෙන් 60%ක් පමණ පැණි බීම පරිභෝජනය කරන බවත් සෞඛ්‍යට අදාල චර්යා රටා පිළිබඳ අධ්‍යයනයකදී අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

සේවක අයවැය දීමනා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් අදාළ පනත් කෙටුම්පත විිශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරණයක් මගින් සම්මත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් හතරක විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දු කතානායකවරයාට යොමු කරන බව අද (18) දැනුම් දුන්නේය.

Read More

මාතර,වැලිගමW15හෝටලය අසලදී වෙඩි වැදීමෙන් පසු කොළඹ බලා යෑම මිස තුවාල කරුවන් ගැන බැලීමට වෑන් රථයේ පැමිණි කිසිවෙකුට අවශ්‍යතාවයක් නොතිබූ බව අද (18දා) අනාවරණය විය.

Read More

බස් රථ සඳහා මාර්ග අවසර පත්‍ර(Route Permits) ලබා දීම පසුගිය අවුරුදු 25ක පමණ කාලය තුළ දූෂිත සහ මාෆියා ආකාරයෙන් සිදුව ඇති බවත්, මාර්ග අවසර පත්‍ර ලබා දීම ගැන විගණනයක් සිදුකරන බවත් සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

Read More

රන්භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකුට අමානුෂික ලෙස පහරදී ලිංගික අතවර කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වගකිව යුතු ඌරුගස්මන්හංදිය පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්‍ෂ 10 බැගින් අදාළ තරුණයාට වන්දි ගෙවීමට අද (18) නියෝග කළේය.

Read More

එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ඒළඹෙන වසරේ (2026) විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එළි දක්වා ඇත. ඒ අනුව තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව හා සත්කාරක එංගලන්තය අතර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී එළඹෙන 2026 වසරේ ජූනි 12 වැනිදා පැවැත්වෙනු ඇත. තරගාවලිය ජූලි 05 වැනිදා දක්වා පැවැත්වේ.

Read More

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් විය.

Read More

බලන්ගොඩ රජවක පාසලේ ගොඩනැගිල්ලක් මතට අනපේක්ෂිත අවස්ථාවක ගසක කොටසක් කඩා වැටිමෙන් මියගිය දරැවා වෙනුවෙන් ඔහුගේ භාරකරැවන් වෙත රජය මගින් ආපදා ජිිවිත හානි වන්දි ලෙස රැපියල් ලක්ෂ 10 ක මුදලක් ගෙවිමට කටයුතු කරන බව බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලය පවසයි .

Read More

උතුරු නැගෙනහිර පළාත්වල සිට වාර්ෂිකව පාගමනින් කතරගම බලා වන්දනාවේ එන බැතිමතුට බැතිමතුන්ට කුමන සහ යාල ජාතික උද්‍යානය වලට ඇතුලුවීමට කුමන ජාතික උද්‍යානයේ ගේට්ටු 20දා පාන්දර විවෘත කරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා රිය අනතුරකට ලක්ව තිබේ. තම ෆේස් බුක් ගිණුම හරහා ඔහු ප්‍රකාශ කරන්නේ රිය අනතුරින් තමන්ට ගැටලුවක් ඇති වී නොමැති බවයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය,දිවිතුර ප්‍රා දේශීය සභාවේ පාලන බලය පොදු ජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයට හිමි විය.

Read More

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Read More

මෙරට ප්‍රධාන පෙළේ ආහාර සන්නාමයක් වූ රුහුණු ෆුඩ්ස් ආයතනයේ නිර්මාතෘ මෙන්ම සභාපති වූ පද්මසිරි මුතුමාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පසුගිය මාස කිපය පුරා රුපියල් 200 ටත් එහා ගිය පොල් තොග මිල මේ වන විට රුපියල් 120 කටත් අඩු මුදලකට පහත වැටි ඇති බව පොල් වගා කරුවන් පවසයි.

Read More

නුවරඑලිය මහ නගර සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (18) දින පෙරවරු 8:30ටනුවරඑලිය මහ නගර සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.

Read More

ඔස්කාර් සහ එමි සම්මාන වලින් පිදුම් ලත් සුප්‍රකට හොලිවුඩ් නළුවෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික ’’ ජෙරමි අයන්ස් ’’ (Jeremy Irons ) මෙරට රූ ගත කෙරෙන චිත්‍රපටයකට රගපෑමෙන් දායක වීම සදහා 06/17 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

ඉදිරි මාස දෙක සඳහා අවශ්‍ය තෙල් තොග රටතුළ තිබෙන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය

Read More

රාජකාරී කටයුතු අතරතුර මත්පැන් පානය කර සිටි බව කියන හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සේවකයකු ඊයේ (17දා) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.

Read More

ඊශ්‍රායලය හා ඉරානය අතර වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බැව් ඊශ්‍රායලයේ පිහිටි ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) දන්වා ඇත.

Read More

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ඉදිරි මාස තුන තුළ නිර්මාණය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

ලන්ඩනයේ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වූ පොසොන් උත්සව මාලාව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණ.

Read More

බංග්ලාදේශ ක්‍රිකට් කන්ඩායම නායක නජ්මුල් හොසේන් සැන්ටෝ සහ ජ්‍යේෂ්ඨ පිතිකරු මුෂ්ෆිකර් රහිම් එක්ව සිව්වැනි කඩුල්ලට ගොඩනැංවූ නොබිදුනු ලකුණු 247ක සබඳතාව නිසා දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සාර්ථකව අවසන් කිරීමට බංග්ලාදේශයට හැකිවිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.