ඉන්ධන පිරවුම්හල්වල QR කේතයට සහ ඔත්තේ සහ ඉරට්ටේ ක්රමයට ඉන්ධන බෙදා හැරීම අධීක්ෂණය කිරිමට හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හල් අසළ පොලිස් නිළධාරින්ට අමතරව යුධ හමුදා බට පිරිස්ද ඒ සදහා (20) දින සිට යොදවා ඇත.
එම ආරක්ෂක නිළධාරින් විසින් කිසිදු පාරිභෝගිකයෙකුට කෑන් සහ බූලිවලට ඉන්ධන නිකුත් කිරිමට ඉඩ ලබා නොදෙන අතර, ඔත්තේ සහ ඉරට්ටේ ක්රමය අනුව ඉන්ධන නිකුත් කිරිම නිසා ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට නොලැබිණ.