ටෙන්ඩර් සාර්ථකවුණොත් ඉන්ධන අතිරික්තයක් එනවා
මැයි 17 විවෘත කළ ටෙන්ඩර් සාර්ථක වුවහොත් ඇතැම්විට ඉන්ධන අතිරික්තයක් ඇතිවීමට ඉඩක් තිබෙන බව ජනපති
අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"පිරිපහදු කළ තෙල්වල ගැටලුවක් නෑ. බොරතෙල් මෙට්‍රික් ටොන් 90000ක නැවක් එන්න තිබුණා. ඒක පස්සට දාලා තියෙන්නේ. තවත් බොරතෙල් ටොන් 90000ක නැවක් එන්න තිබුණා ඒකත් පසුවට කල් දාලා තියෙන්නේ.
ඉන්දියාවෙන් හා සිංගප්පූරුවෙන් පිරිපහදු තෙල් එනවා. අපි ටෙන්ඩරයක් ගිය 17 විවෘත කළා. ඩීසල්, පෙට්‍රල්, ජෙට් වන් එ් හා බොරතෙල් සදහා.
ඩීසල් නැවක් අප්‍රේල් 6/7 එනවා
පෙට්‍රල් නැවක් අප්‍රේල් 16/17
දැවි තෙල් නැවක් 12/13
ජෙට් ඒ වන් නැවක් 10/11
බොර තෙල් අප්‍රේල් දෙන්න ඉල්ලුවත් කවුරුත් ඉදිරිපත් වුනේ නෑ. නමුත් ජුනි මාසයේදී බොරතෙල් නැවක් දෙන්න පුළුවන් කියලා සමාගමක් කිව්වා.
අප්‍රේල් 7/8 වගේ තවත් ඩීසල් නැවකට ටෙන්ඩරයක් දුන්නා. අර්බුදය නිසා බොරතෙල් නැවක් හා ඩිසල් පෙට්‍රල් රැගත් නැව් දෙකක් එන්නේ නෑ. අපිට ගොඩක් ගෙනත් ගබඩා කර ගන්න පහසුකම් නෑ. මේ සියල්ල සාර්ථක වුණොත් අපිට එක මොහොතක අතිරික්තයක් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණෙෘත් අපිට ඩැමරේජ් ගෙවන්න වේවි."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

