ගෑස් සැපයුම අඛණ්ඩව තහවුරුවී ඇති බව අද (20) ජනපති පාර්ලිමේන්තුවේදී සිදුකල විශේෂ ප්‍රකාශයක දැක්වීය. මැද පෙරදිග රාජ්යන්ගෙන් පිට සමාගමකට එම අවස්ථාව සැලසීම හේතුවෙන් මෙහි ස්ථාවර භාවය තහවුරුවී ඇති බව එතුමා වැඩිදුරටත් සඳහන් කලේය.
ගෑස් මෙට්‍රික් ටොන් 38000 ක් මේවනවිටත් පැමිණ ඇති බවත් තවත් මෙට්‍රික් ටොන් 33000 ක් ගොඩබාමින් පවතින අතර, තවත් 33000ක ප්‍රමාණයක් අප්‍රේල් මාසයේදී ලැබෙන බවත් සංඛාත්මකව තවදුරටත් කරුණු දැක්වීය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය