එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ජුනි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙය 2016 පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ කරන පළමු සංචාරය වෙයි.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යෙ(ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
Read Moreකලාපය තුළ පවතින නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා කාලය මාස 3කින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලයේ පීබා ආයතනය හෙවත් එරට ආගමන විගමන ආයතනය පියවර ගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreඅප්‍රිකානු සූකර උණ සම්බන්ධයෙන් පසුගිය දා නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් එම දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇත්තේ රෝග කාරක වෛරසය රට පුරා ව්‍යාප්ත වීම මුලුමනින්ම පාලනය කිරීමේ අරමුණින් මෙය සිදුකල බවයි.
Read Moreමෙරට රැදී සිටිමින් පරිගණක අපරාධ ( Cyber Crimes ) ඇතුළු විවිධ අපරාධ වලට සම්බන්ධ වී සිටි චීන ජාතිකයන් 85 දෙනෙකු , මෙරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන, අධිකරණ ක්‍රියාමාර්ග වලින් අනතුරුව , බන්ධනාගාර ගත කර සිටියදී , 06/20 දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreමත්තේගොඩ පොලිස් වසමේ මත්තේගොඩ ප්‍රදේශයේදී මත්තේගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත ඊයේ වැටලීමක් සිදු කර නීති විරෝධි මත්පැන් ලීටර් 101 මිලි ලීටර් 250 ක්, නීති විරෝධි මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 3377 මිලි ලීටර් 500 ක්, ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදල් රුපියල් 2,507,740/= සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
Read Moreපුත්තලම මූලික රෝහලේ කාන්තා වාට්ටුවක නාන කාමරයක කානුවක සිරව මිය ගොස් සිටි බිළිදෙකුගේ මළ සිරුරක් හමුව ඇති බවත් එම සිද්දියට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණ කාන්තාවක් අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය 20 දින පැවසිය.
Read Moreදැඩි උණුසුම්කාරී වාතාවරණයක් යටතේ අද (20) පැවැති පැවැති මෙම රැස්වීමේදී ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහළ ගමගේ සුනිල් මහතා තේරී පත්විය. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකි.
Read Moreපහේ ශිෂ්‍යත්ව විභාගය 2029 වසර දක්වා නොවෙනත්ව පැවැත්වෙන බවත් එක්වරම ශිෂ්‍යත්වය අත්හිටුවීමට කටයුතු නොකරන බවත් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.
Read Moreපාසල් වෑන් රථ, කාර්යාල වෑන් රථ, ත්‍රීරෝද රථ සහ භාණ්ඩ ප්‍රවාහන ආයතන හා මාධ්‍යන් ඇතුළු අනෙකුත් වාහන ද ජාතික ගමනාගමන කොමිසමට නියාමනය කිරීමට හැකියාව ලැබෙන අයුරින් හා ඒ සඳහා අවශ්‍ය නව ආයතන ස්ථාපිත කිරීමට අවසර ලැබෙන පරිදි මෙම පනත සංශෝධනය වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Read Moreදේශීය මුං ඇට අස්වැන්න ලැබී මාස ගණනාවක් තිස්සේ නිසි මිලකට විකුණා ගැනීමට නොහැකි වීම නිසා මුං ගොවීන් දැඩි අසීරුතාවයකට පත් සිටි. මේ වනවිටත් පසුගිය කන්නේ මුං ඇට ඇස්වන්න නිවෙස්වල තබාගන දෙවැනි කන්නේ ද අස්වැන්න ලැබීමට ආසන්නව තිබෙන බවත් පෙන්වා දෙන ගොවීන් විදේශීය රටවලින් මුං ඇට ගෙන්වීම නිසා මෙම බරපතල තත්ත්වයට මුංගොවින් පත්ව ඇති බව මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරති
Read Moreචීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනාව පරිදි , එරට දියුණුව සහ සංවර්ධනය දැක බලා ගැනීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිතයන් 29 දෙනෙකු සිය දින 10 ක සංචාරය නිමා කර 06/19 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreරුපියල් කෝටි නමයකට අධික තැන්පතු සහිත සැක කටයුතු බැංකු ගිණුම් 16ක් පවත්වාගෙන ගියේ යැයි කියන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු ඔහුගේ පවුලේ හයදෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ කොළඹ මහාධිකරණයේ නඩු පවරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මියට ඊයේ (19) දැනුම් දුන්නේය.
Read Moreවන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට (කෘෂිකර්මාන්ත හා වැවිලි අංශය) සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, රජයේ නිලධාරින්ගෙන් සහ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර, එහි පළමු රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
Read More2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ ක්‍රියාත්මක මුද්දර බදු පනතේ 3 වන වගන්තිය මගින් මුද්දර ගාස්තු ඉහළ දැමීම සඳහා ප්‍රකාශයට පත්කළ නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
Read Moreමෙවර කන්ද උඩරට අසල පෙරහර මංගල්‍යයජූලි මස 25 වැනි දින සිට අගෝස්තු මස 09 වැනි දින දක්වා පැවැත්වෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
Read Moreතඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කෙසෙල් මිල යළිත් දැඩි ලෙස පහත වැටී ඇති බව ගොවීහු පවසති. රාජාංගනය, ගල්නෑව, තලාව, එප්පාවල, තඹුත්තේගම, බුල්නෑව ආදි ප්‍රදේශ ආශ්‍රිත කෙසෙල් අස්වනු ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙන එන කෙසෙල් සදහා නිසි මිළක් නොලැඹෙන බව ගොවීහු පවසති.
Read Moreපැමිණිල්ලේ සාක්ෂිකරුවන් 28 දෙනෙක් සාකෂි ලබාදී අවසන් - පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් කැඳවීම 23 වැනි සඳුදා සිට වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් සාක්ෂි ලබාදීමට සාක්ෂිකරුවන් 15 දෙනෙක්
Read Moreනව සේවා ගිවිසුමක් යටතේ ගෘහස්ථ නොවන රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර එම රැකියා ගිවිසුම අදාළ රටෙහි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයේ සහතික කිරීම අනිවාර්ය කරමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මීට පෙර පැනවූ නීතිය පහත පරිදි සංශෝධනය කිරීමට කාර්යාංශය පියවර ගෙන තිබේ.
Read Moreඅපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2025.06.18 දින සිය සහතිකය සටහන් කළේය.
Read Moreහලාවත නගරසභා මංගල රැස්වීමේදී එහි නගරාධිපති ලෙස ජාතික ජනබල වේගය නියෝජනය කළ ජයසූරිය කුරණගේ සුමේද නික්ලස් සඳරුවන් පෙරේරා අද තේරී පත්විය.
Read More2011 වසරේදී උතුරුමැද පළාත් සභාව රුපියල් කෝටි 117ක අධි ඇස්තමේන්තුවක් මත මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කරලා - කෝපා කමිටුවේදී හෙළි වෙයි එකම මාර්ගය රු. මිලියන 5ට අඩු ව්‍යාපෘති ගණනාවකට වෙන් කරලා - මාර්ග 53ක් ව්‍යාපෘති 741කට බෙදා කොන්ත්‍රාත් ලබාදීලා ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීතිවිරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට රුපියල් මිලියන 2934ක් වටිනා ව්‍යාපෘති 629ක් (පාරවල් 42ක්) ලබාදී ඇති බවත් හෙළිවෙයි
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය සඳහා වන තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
Read Moreඅල්ලස් කොමිෂම විසින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාගත නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ හා ඔවුන් දෙදෙනාගේ දියණියක් අද දිනයේදී ඇප කොන්දේසි සැපරීමෙන් අනතුරුව මුදා හරිනු ලැබීය.
Read Moreඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යය ජූනි 26 සිට ජූලි 10 වෙනි දින දක්වා පැවැත්වේ.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල ගැවසෙන සුනඛයින්ට කෑම දැමීම වහාම නතර කරන ලෙස දැනුම් දෙමින් දිස්ත්‍රික් ලේකම්වරයාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය මෙහෙයුම් කමිටුවේ දී තීරණය කෙරිණි.
Read Moreබිබිල නගරයේ මහියංගනය සහ මඩකලපුව මාර්ග සම්බන්ධ කරන මංසන්ධිය අසලදී (18) වෙනිදා බීමත්ව වෑන් රථයක් පැදවූ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පැතුම් නිශ්ශංක සිය ටෙස්ට් දිවියේ තෙවැනි ශතකය වාර්තා කිරීමට සමත්විය.
Read Moreහැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එළඹෙන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහුව අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
Read Moreඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙන බවත් මේ හේතුවෙන් තේ කර්මාන්තය දැඩි අවදානම් තත්ත්වයක පවතින බව රත්නපුර දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තශාලා හිමියන් පවසයි.
Read More