මන්නාරමෙන් ගෑස් ගන්න තවමත් ආයෝජකයෙක් හොයා ගන්න බැරිවෙලා
මන්නාරම් දෝණියේ ගවේෂණ බිම් කොටසෙන් සොයාගත් ස්වාභාවික වායු නිධි සංවර්ධනය හා නිෂ්පාදන කටයුතු සදහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනිමට ශ්‍රිලංකා ඛනිජතෙල් සංවර්ධන අධිකාරියට මේවනතෙක් නොහැකි වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.
මන්නාරම් දෝණියේ එම් 2 (M -2) ගවේෂණ බිම්කොටසේ ඛනිජතෙල් ගවේෂණ කටයුතු සදහා පුද්ගලික සමාගමක් 2007 වර්ෂයේ දි තෝරාගෙන තිබුණි. 2011 වර්ෂයේ දි එම සමාගම විසින් ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගෙන තිබුණි.
ස්වාභාවික වායු නිධි සංවර්ධනය හා නිෂ්පාදන කටයුතු සදහා සුදුසු ආයෝජකයෙකු අන්තර්ජාතික තරගකාරි යෝජනා කැදවිමේ ක්‍රියාවලියක් මගින් තෝරාගැනිමට අවශ්‍ය තාක්ෂණික සහ අලෙවිකරණ උපදේශන සහාය ලබාගැනිම සදහා විදේශිය සමාගමක් 2016 වර්ෂයේ දි පත්කරගෙන තිබුණි.
එම කාර්ය සදහා බලශක්ති අමාත්‍යංශය විසින් එවකට පැවති විනිමය අනුපාත අනුව රුපියල් මිලියන 46.61 ක මුදලක් වැයකොට තිබුණි. ශ්‍රිලංකාවේ ඛනිජතෙල් සම්පත් ගවේෂණය සංවර්ධනය, උකහා ගැනිම සදහා කළමණාකරණය යන කාර්යයන් නියාමනය කිරිමේ පර්මාර්ථ ඇතිව ශ්‍රිලංකා ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය 2021 වර්ෂයේ දි පිහිටුවා තිබුණි.
මන්නාරම් දෝණිය තුල තෝරාගත් කොටස් හතරක තෙල් සහ ගෑස් ගවේෂණය සංවර්ධනය සහ නිෂ්පාදනය සදහා බලපත්‍ර වටයක් පැවැත්විම සදහා 2025 වර්ෂයේ මැයි මස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති බැව් බලශක්ති අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති ප්‍රගිත වාර්තාවේ සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

