ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණාලයක් පවත්වාගෙන ගිය යුධහමුදා විශ්‍රාමික කර්නල් වරයෙකුගේ පුත්‍රයෙකු රුපියල් 5000 ක හොර මුදල් නෝට්ටු 30 ක් සහ එක් පැත්තක් මුද්‍රණය කල නෝට්ටු 10 ක් සමග අද (05) අත්අඩංගුවට ගත්බව එගොඩඋයන පොලිසිය පවසයි .
වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි 47 හැව්රිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම එගොඩඋයන වටරවුම ආසන්නයේ දී සැකකරු පරීක්ෂා කිරීමේදී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 10 ක් සොයාගෙන සැකකරු ගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් මුදල් නෝට්ටු 20 ක්, එක් පැත්තක් මුද්‍රණය කල නෝට්ටු 10 ක් සහ මුද්‍රණ යන්ත්‍රයක් තීන්ත බෝතල් 2 ක්, කටර් එකක්, අඩිකොදුවක් මුද්‍රණ කඩදාසි 10 ක් ඇතුළු උපකරණද සොයාගත් බව බව පොලිසිය කීය.
සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
සුමිත් පොතුපිටිය/රේඛා තරංගනී
