පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 04 වෙනිදා සවස හයට පමණක්ම රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් රඳවියන් දහදෙනෙකු සහ හමුදා සෙබලෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබන බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙම ගැටුමට හේතු මෙතෙක් අනාවරණය වී නොමැති අතර රැඳවියන් විසින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මුළුතැන්ගෙයි සහ තවත් ස්ථාන කිහිපයක දේපළවලට අලාභ හානී කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේපළ අලාභ හානි කිරීමට සම්බන්ධ යොදා යකඩ පොලු සහ මුගුරු මෙන්ම ගැටුමක් ඇතිකර ගැනීමට යොදාගත් බව කියන පොලු මුගුරු සහ තවත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බවද වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
හතරවෙනිදා අලුයම පලාගිය රැඳවියන් විසිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් පිරිසක් සෝමවතියේ වන්දනාවේ පැමිණි බස් රථයක් පැහැර ගැනීමට උත්සහ දැරීම සහ ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් පනස් දාහක මුදලක් සහ ජංගම දුරකථන දෙකක් පැහැරගැනීමට සම්බන්ධ විසිදෙනකු ඇතුළු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේපළ වලට හානි කිරීම සම්බන්ධව තවත් 14 දෙනෙකු ඇතුළුව තිස්හතරදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී පැවසීය.
අත්අඩංගුවක් රැඳවියන් පස්වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවද වැලිකන්ද පොලිසිය පවසයි.
යුද හමුදාව ආරක්ෂක අංශ මෙන්ම පොලිසිය එක්ව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මේ විට තත්ත්වය සම්පූර්ණ පාලනයට කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් අවස්ථා කිහිපයකදී මීට පෙර ගැටුම් ඇතිකරගමින් පලාගිය අතර ආහාර ප්‍රශ්න මෙන්ම විවිධ ගැටලු මුල්කරගනිමින් නිරන්තරයෙන්ම රාත්‍රීයේ මෙන්ම දිවා කාලයේ රැඳවියන් ගැටුම් ඇතිකර ගන්නා බවද ආරක්ෂක අංශ නිලධාරියෙකු සඳහන් කළේය.
නිමල් ජයරත්න