කළුතර සහ පානදුර ප්‍රදේශවල මහමග ගමන්ගත් කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල යතුරුපැදි වලින් ගොස් කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල මකා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන 25 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
ලද තොරතුරක් මත පොලිස් නිළධාරීන් සැකකරු පයාගල පඹේ ප්‍රදේශයේ දී යතුරුපැදියකින් යමින් සිටියදී නවතා පරීක්ෂා කොට හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් හයයි මිලිග්රැම් 670 ක් සහ යතුරුපැදිය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී කොල්ලකෑ රන්මාලයක් සොයාගත් බවත් පොලිසිය කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
පානදුර සුමිත් පොතුපිටිය