පාන් කියා ගන්නවත් ඉන්න බැරි ජනතාවට පාන් කෑල්ලක්වත් කන්න තිබෙන අවස්ථාව පාන්වලට ගැසෙට්ටු ගසා නැති නොකරන්න යයි සිය සංවිධානය ඊට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශ්රී ලංකා ජාතික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා අද(5) ඇල්පිටියේදී කීවේය.
පාන්වලට ගැසෙට්ටු ගැසීම සම්බන්ධයෙන් අද (5) ඇල්පිටියේ පැවති මාධය හමුවකදී අසේල මහතා එසේ කීවේය.
එහිදී තවදුරටත් කතා කරමින් බලධාරීන් කළ යුතුව ඇත්තේ පාන් වලට ගැසෙට්ටු ගැසීම නොව පාන් ගෙඩියක ඇති ග්රෑම් එකක මිලක් තීරනය කළ බව ද අසේල මහතා කීවේය.
මේ දියත් වන්නේ පාන් වලට ගැසෙට්ටු ගසා බේකරි හිමියන් බය කොට ඔවුන් පාන් නිශ්පාදනයෙන් ඈත්කිරීමේ වැඩපිළිවෙළක් බවද අසේල මහතා කීවේය.මේ පාන් ගැසෙට්ටුව නිසා දැන් දැන් ආපනශාලා හිමියන්ද පාන් අලෙවි කිරීමෙන් වැලකී සිටින බවද අසේල මහතා කීවේය.
