පසුගිය සතියේ ඉහල ගිය කැරට් කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 700 කින් පමණ පහත වැටී ඇති බවත් අනෙකුත් එළවළු වර්ග වල මිල ද රුපියල් සියයත් එකසිය පහනත් අතර මිලකින් පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් කියා සිටී.
උඩරට එළවළු වර්ග රට පුරා බෙදා හරින ප්රධාවතම ආර්ථීක මධ්‍යස්ථානයක් වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග මිලට ගැනීම සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වෙලෙදුන් දෛනිකව පැමිනෙන අතර මේ වන විට එලෙස පැමිනෙන වෙලෙදුන්ගේ ප්‍රමාණයද යම් තරමකට අඩුවී ඇති බවත් කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් පවසති.
පසුගිය සතියේ රුපියල් එක්දහස් හයසියයකය පමණ මිල ඉහල ගිය කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් මේ වන විට රුපියල් හත්සියයක් දක්වා පහත වැටී ඇති බවත් ආර්ථීක මධ්‍යස්ථානය වෙත මේ වන විට ලැබෙන එළවළු වර්ග ප්‍රමාණයේ සුළු වැඩි වීමක් ඇති බවත් වෙලෙදුන් කියා සිටී.
කැප්පෙටිපොල විශේෂීත ආර්ථීක මධ්‍යස්ථානයේ මේ වන විට පවතින එළවළු තොග මිල කැරට් 800 - 900 , ගෝවා 550 - 500 , මාළු මිරිස් 1000 , ලීක්ස් 400 - 450, බීට් 450 -500 , නෝකෝල් 400-300 , අමු මිරිස් 800- 850, සලාද 300 , තක්කාලි - 550 - 600 , වම්බටු 400- 420 , තක්කාලි 600 - 630, බෝංචි 450 - 500 . රාබු 100 -130, අර්තාපල් ( වැලිමඩ ) 250 - 300
වැලිමඩ කුමාරගේ