මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් අද (4) මෘත දේහයක් රැගෙන යන අයුරින් බොරැල්ල කනත්තට ඇතුළු වී විරෝධතාවයක් පැවැත්වූහ.
සමාජ මාධ්‍යයේ මරණය භූමිදානය කිරීම නමින් විරෝධතාවය පැවැත්විණි. හිටපු අමාත්‍යවරයාව ප්රමුඛ පිරිස කනත්තට ඇතුළු වන අවස්ථාවේදී කනත්තේ ආරක්ෂක නිලධාරීන් ඊට එරෙහිව සිය විරෝධය දැක්වූ අතර එහිදී තරමක උණුසුම් තත්ත්වයක් ඇති විය.
නමුත් හිටපු අමාත්‍යවරයා ප්රමුඛ පිරිස එම විරෝධතාවය නොතකා කනත්තට ඇතුළු වි සිය විරෝධතාවය පැවැත්වූහ.


