පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හතරවෙනිදා අලුයම පැනගිය රැඳවියන් දහඅට දෙනෙකුගෙන් කීප දෙනෙකු සෝමාවතීය පුදබිමේ නවතා තිබු බස් රථයක් පැහැර ගෙන යාමට උත්සහ දැරිමේදි,එහි ආරක්ෂක අංශයේ නිලධාරියකු එය වැළැක්වීමට ලියාපදිංචි ගිනි අවියකින් අහසට වෙඩි තැබීමෙන් පසු ඔහුට අයත්, රුපියල් පනස්දාහක මුදලක් හා ජංගම දුරකතන දෙකක් පැහැර ගෙන පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
රැදවියන් මෙහිදී එම ස්ථානයේ අයෙකුට පිහියකින් පහරදීමෙන් පසු තුවාල ව්‍යාපාරිකයෙකු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවද වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී අගලවත්ත ප්‍රදේශයෙන් පැමිණි ව්‍යාපාරිකයෙකුට අයත් ලියාපදිංචි ගිනි අවියකින් අහසට වෙඩි දෙකක් තබා ඇති අතර එහිදී බස් රථය පැහැර ගැනීමට පැමිණි සියලු රැඳවියන් පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.
වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමේ සඳහන් කළේ පලාගිය එම සියලු රැඳවියන් මේ වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට බාර වී ඇති බවයි.
ප්‍රදේශයේ භාරව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සඳහන් කලේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ සිටින රැඳවියන් නිතර රාත්‍රී කාලයේ අඬදබර වී ගැටුම්කාරී තත්ත්වයන් සිදු කර ගන්නා බවයි.නිදහස් දවසේ ඔවුන්ට අවශ්‍ය නිදහස ලබාගැනීම සදහා මෙම පිරිස පලායන්නට ඇති බවටද පොලිසිය සැක කරයි.
කන්ඩකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් පසුගිය ජනවාරි 12 වෙනිදා ද පලායෑමෙන් අනතුරුව හය දෙනෙකු හැර පලාගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වූහ.
මනම්පිටිය නිමල් ජයරත්න