යුක්තිය මෙහෙයුම ආරම්භ කළ දෙසැම්බර් 17වන දිනසිට පෙරේදා (04දා) දක්වා කාලය තුළදී වැටලීම් 47,820ක්සිදුකර සැකකරුවන් 47,475ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිසෙන් 1,814දෙනෙකුට රැඳවුම් නියෝගලබා ගෙන තිබෙන අතර, සැකකරුවන් 222කට එරෙහිව වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ.එමෙන්ම 1,920ක් පුනරුත්ථාපනයට යොමු කිරීමට අදාළ කටයුතු කර තිබෙන අතර, මෙම මෙහෙයුම්වලදී විෂ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වී සිට අධිකරණවලින් විවෘත වරෙන්තු නිකුත් වී සිටි පුද්ගලයන් 1,105ක් හා විෂ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් වී සිටි 5158දෙනෙකුත් මෙම මෙහෙයුම්වලදි අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
ඇඟිලි සටහන් ඔස්සේ හඳුනාගත් සැකකරුවන් 261ක් මීට අමතරව බල අපරාධ සම්බන්ධයෙන් (මනුෂ්‍ය ඝාතන සොරකෑම වැනි සුවිශේෂී අපරාධ) 315ක්ද මෙම කාලය තුළදී අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
මෙම කාලය තුළදී හෙරොයින් කිලෝ 138ක් හාඅයිස් මත්ද්‍රව්‍ය කිලෝ 413ක්, ගංජා කිලෝ 946ක්, ගංජා පැළ තිස්පන් ලක්ෂ හයදහස් හාරසිය පනස් හතක් විනාශ කර තිබෙන බවද පැවසීය.
මත්පෙති තුන්ලක්ෂ පනස්නවදහස් හාරසිය හැට දෙකක් (359,462) හා වෙනත් මත්ද්‍රව්‍ය වර්ග කිලෝ279ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පවසා සිටියේය.
මෙම මෙහෙයුම් සඳහා මහජනතාවගෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් ලැබෙන බවත් යුක්තිය මෙහෙයුම් ආරම්භ වූ දින සිට දින 48ක කාලයක් තුළදී හා ඊට පෙර ගෙවී ගිය දින දින 48ක කාලය සැලකීමේදී යුක්තිය මෙහෙයුම් සිදුකළ දින 48ක කාලය තුළදී පොලිස් ස්ථානවලට වාර්තා වූ අපරාධවල අඩු වීමක් පෙන්නුම් කරන බවද සඳහන් කළේය.