ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් මංගල ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට අද (21දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රු.2,675,000.00ක මුදලක් වංචාකළ කඳාන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලිවලට පෙනි සිටිමට පැමිණි අවස්ථාවේදී කාර්යංශ නිළධාරීන් විසින් 2023.06.20 දින අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහෝමාගම, නියඳගල ප්‍ර දේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට ඊයේ රාත්‍රී නාඳුනන පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreඉතිහාසයේ ප්‍රථම වතාවට පෞද්ගලික අංශය ද අල්ලස් ගැනීමේ වරදක් සිදු කළහොත් දූෂණ මර්දන පනත් කෙටුම්පත යටතේ දඩුවම්ලබා දිය හැකි බව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.
Read Moreකටාර් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ කටුනායක සහ කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොළ අතර ගුවන් ගමන් දිනකට වාර 05 දක්වා වැඩි කර තිබේ.
Read Moreවරදකරුවන්ට සමාව ප්‍රදානය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ ජනාධිපතිවරයාට බලය ලබාදී ඇතත් ජනාධිපතිවරු එම බලය පාවිච්චි කිරීමේදී අසමානතා මතුවිය හැකි හෙයින් එම අසමානතා මගහැරීම සදහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (20) ඉල්ලා සිටියේය.
Read Moreඇමරිකානු ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමෙරිකාවේ Helpline Lanka හරහා අද (20) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කෙරිණි. මෙරට ඇමරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය විසින් මෙම ඖෂධ ආධාර තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ලබා දුන්නාය.
Read Moreකොරියානු රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් ගමන් ගන්නා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 470 දරණ ගුවන් යානය අද දිනයේදීත් පැය 12ක් පමණ ප්‍රමාදවීම නිසා එම ශ්‍රමිකයින් කණ්ඩායම අද දිනයේදී කොරියාව බලා පිටත් කර යැවීමට නොහැකිවූ අතර කොරියාව බලා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දිගින් දිගටම මේ ආකාරයට ප්‍රමාද වීම නිසා කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
Read More2023 ජනවාරි මස 01 දා සිට 2023 ජූනි මස 20 දින දක්වා ශ්‍රි ලාංකිකයින් 3354 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.
Read Moreමෙරට ඇතිවූ ආර්ථික අවපාතය හේතුවෙන් පීඩනයට පත් වූ සියලු හමුදා සාමාජිකයන්ට සහනයක් ලෙස ඔවුන්ගේ සලාක මුදල රුපියල් 10,000 කට ආසන්න මුදලකින් ඉහළ නංවා ඇති බව යුද හමුදාව පවසයි.
Read Moreපාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ සම්මත විය.
Read Moreඩෙංගු මදුරු මර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබාදෙන පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු සේවකයන් ස්ථීර කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලා සිටී.
Read Moreනව පොලිස්පතිවරයා ලබන සතියේදී පත් කිරිමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි. මේ වන විට සේවා දිගුවක සිටින පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ලබන 26දා අවසන්වීමට නියමිතය.
Read Moreපේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දි ශල්‍යකර්මයකට මුහුණ දුන් වයස අවුරුදු දෙක හමාරක දරුවකුට ලබාදුන් නිර්වින්දන එන්නත විෂ වී එම දරුවා මිය ගොස් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි .
Read Moreමූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට ඇතැයි යනුවෙන් ව්‍යවස්ථාවේ ඇති 148 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ පාන ප්‍රයෝගික ගැටළු නිරාකරණය කර ගැනීමට, පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තු අය-වැය කාර්යාලය මගින් පක්ෂ ඇතුළු සියලු කණ්ඩායම්වලට හැකියාව ලැබෙනු ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreවතුගෙදර පැටිවත්ත ප්‍රදේශයේදී අද (20දා) අලුයම් කාලයේදී එල්ලවූ මැර ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ ම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ බැඩ්මින්ටන් භාර ආචාර්ය ඩර්වින් ප්‍රියංකර මහතා බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය විදේශීය ගුවන් සේවාවක් වන සිබු පැසිෆික් ගුවන් සේවයේ එයා බස් ඒ.330 ( Air Bus A.330 ) වර්ගයේ ගුවන් යානයක් පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සිදු කිරීම සාර්ථකව නිමාවට පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කර සිටියි.
Read Moreපාන් බනිස් ඇතුළු බේකරි සියලු නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් අද මධ්‍යම රාත්‍රීයේ සිට අඩුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.
Read Moreමුතුරාජා ඇතා සම්බන්ධ කරුණ නිසා තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයට කිසිදු ගැටළුවක් මතුවී නැතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී 2023.06.20 දින අවධාරණය කළේය.
Read Moreමත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලිමේ මෙහෙයුම් අගෝස්තු 01 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreමෙම වසරේ ඊයේ (19දා) දිනය තෙක් මනුෂ්‍ය ඝාතන 255ක් වාර්තාවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreවාහන ආනයන සීමා ලිහිල් කිරීමක් මේ වසරේදී සිදු කිරීමට අවස්ථාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreමාර්ග අනතුරු ඇතුළුව ශ්‍රී ලංකාවේ අනතුරු නිසා ආබාධිත,පූර්ණ ආබාධිත තත්වයන්ට මෙන්ම මරණයට පත් වන පුද්ගලයින් සංඛ්‍යාවද ඉහල ය. මෙසේ සිදුවන අනතුරු සංඛ්‍යාවත්, එම අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාවත් අඩු කර ගැනීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ ඒකකය නව වැඩපිලිවෙලක් ආරම්භ කල බව එම ඒකක ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.
Read Moreආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් දෙදෙනෙකු රෝහල් පරිශ්‍රය තුළදී ඇති කර ගත් ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් තුවාල ලබා ඊයේ (19දා) රෝහලේ වාට්ටු දෙකකට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ බිත්තර පරිභෝජන අවශ්‍යතාවය සඳහා කිකිලි පැටවුන් ලක්ෂයක් බෙදාහැරීමේ සමාරම්භක අවස්ථාව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය.
Read Moreශ්‍රී ලංකාවේ ළමා ලාදුරු ව්‍යාප්තිය ගැන දැඩි අවධානයක් අවශ්‍ය බව අවධාරණය කෙරේ. 2022 වසරේදී වාර්තාවූ ළමා ලාදුරු රෝගීන් ප්‍රතිශතය 11.1%කි. නමුත් 2023 දී, එනම් මේ වසරේ මේ දක්වා එම අගය 8.4% ලෙස වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු රෝග මර්දනව්‍යාපාරයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි.
Read Moreඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වීමට පැමිණෙන බැතිමතුන් කිසිවෙකුටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය පූජාභූමිය තුලට ගෙන ඒම සපුරා තහනම් බව සුරාබදු දෙපාර්තමෙන්තුව සදහන් කරයි
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟවූ අමනෝඥ තීන්දු තීරණ වලින් ඈත් වීමට කටයුතු කරන්නේ නම් මෙරට ජනතාවගේ තැන්පතුවල සුරක්ෂිත භාවය සුරක්ෂා කිරීමට එකට හිට ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreලබන සතියේදී ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 700කමුදලක් අනුමත කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ලෝක බැංකු ආරංචිමාර්ග උපුටා දක්වමින් එම පුවත් සේවය මේ පිළිබඳව සඳහන් කර සිටියි.
Read More