මොනරාගල බුත්තල හෝටලයක් තුළදී බීමත්ව කලහකාරී ලෙස හැසිරුණු විශ්රාමික ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම හෝටලයේදී ඇතිවූ ගැටුලවකින් අනතුරුව අදාළ විශ්රාමික පොලිස් පරීක්ෂකවරයා හෝටලයට ගල් ප්රහාරයක් එලල කර ඇති අතර එයින් හෝටලයේදී උත්සව ශාලාවේ ප්රධාන වීදුරුවට දැඩි හානි සිදුව තිබේ.
මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී එම හෝටලය තුළ ශ්රී ලංකාවේ ජපාන තානාපතිවරයාගේ බිරිඳ ඇතුළු ජපාන දූත පිරිසක්ද නැවතී සිට තිබේ.
අදාළ සිදුවීමෙන් තමන් ඇතුළු නියෝජිත පිරිස මහත් භීතියට පත්වූ බව ජපාන තානාපතිවරයාගේ බිරිඳ ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබේ. අත්අඩංගුවට ගත් විශ්රාමික ප්රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.