මොරගහකන්ද ජලාශ මාර්ගයේ සිට නාඋල දෙසට ධාවනය වු කුඩා ලොරි රථයක වන අලියෙකු ගැටී රථය පෙරලියාම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් හය දෙනෙකු තුවාල ලබා ඇතැයි නාඋල පොලිසිය කියයි. අද (05) අළුයම එකට පමණ මොරගහකන්ද - වදුරුමුල්ල ප්‍රදේශයේ දී අනතුර සිදුව තිබේ.
52/සි/1,මාදියාවෙල,පුබ්බිලිය ලිපිනයේ පදිංචි කෝරළේගෙදර සෙණරත් අසංක බණ්ඩාර යන අය විසින් කැන්ටර් (250) වර්ගයේ නිල් පැහැ ලොරි රථයේ ඉදිපස හා පිටුපස පුද්ගලයින් හය දෙනෙකු නන්වාගෙන මොරගහකන්ද දෙස සිට කෝන්ගහවෙල දෙසට රිය ධාවනය කරමින් සිටිය දි වන අලියෙකු එක් වරම මාර්ගය හරහා ගමන් කිරිමේ දී ලොරි රථය එම අලියාගේ ගැටීමෙන් පසු ලොරි රථය පෙරලිමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සිදුකල මුලික පරික්ෂණ වල දී අනාවරණය වී තිබේ.
අනතුර හේතුවෙන් ලොරි රථයේ පිටුපස තට්ටුවේ ගමන් ගත් සූරියවැව,සිංහපුර,වැලිකන්ද ලිපිනයේ පදිංචිව සිටි රාජපක්ෂ දේවයලාගේ දිලුක නුවන් (25) යන අය හා අංක 70, නාවල,ගනේවත්ත,නිකදළුපොත ලිපිනයේ පදිංචිව සිටි ඥානපුර හේනයලාගේ ධනන්ජය නවරත්න යන අයවලුන් බරපතල තුවාල ලබා කෝනගහවෙල රජයේ රෝහලට ඇතුලත් කිරිමේ දී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් ලොරි රථයේ ඉදිරිපස අසුනේ ගමන්ගත් අංක 205,සුරියවැව,සිංහපුර,වැලිකන්ද ලිපිනයේ රණසිංහ මුදියන්සේලාගේ මධුසංක පුෂ්පකුමාර(26) , ලොරි රථයේ පසුපස ගමන්ගත් අංක 71 නෙලුම්වැව,කරුවලගස්වැව ලිපිනයේ පදිංචි නිස්සංක කච්චි කන්කානම්ලාගේ නිපුන් අභිලාස් නිස්සංක (22) යන අලවලුන් සුළු තුවාල ලබා කොන්ගහවෙල - අඹන රජයේ රෝහලින් ප්‍රතිකාර ලබා ගෙන ඇත.
මීට අමතරව අංක 128, කටුකැලියාව,දියබෙදුම ලිපිනයේ පදිංචි ආර්.එම්.එස්.එල්.රාමනායක(19) බී.ජි.ධම්මික සෙනරත් බණඩාර යන අය අනතුරින් බරපතල තුවාල ලබා අඹන රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මාතලේ මහරෝහල වෙත මාරුකර යවා ඇත.
සිද්ධියෙන් පසු ලොරි රථය පැදවු 52/සී/1,මාදියාවෙල,පුබිබිලිය ලිපිනයේ පදිංචි කෝරලේගෙදර සෙරත් අසංක බණ්ඩාර යන අය පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහන ගමගේ මහතාගේ හා මාතලේ සහකාර පොලිස් අධිකාරි( 2) යු.ජි.පි.කේ. රත්නායක මහත්වරුන්ගේ උපදෙස් පරිදි නාඋල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරොන් රත්නායක මහතාගේ අධීක්ෂනය යටතේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක හේරත් මහතා ප්රමුඛ නිලධාරින් කණ්ඩායමක් සිද්දීය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ පවත්වති.
අරුණ ඉන්දික කුමාර