බස්නාහිර පළාතේ පොලිසි වලට අනුයුක්ත කර සිටින බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් 100 කු එම රාජකාරි වලින් ඉවත් කර කොළඹ නගරයේ වෙනත් ආරක්ෂක රාජකාරී සඳහා යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක කරන බවත් විශේෂයෙන් අවුරුදු සමයේදී සිදුවන වාහන සොරකම් හා රන්මාල කොල්ලකෑම් වැනි අපරාධ වැළැක්වීම මෙහි අරමුණ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.