කුණ්ඩසාලේ, කටුගස්තොට, පේරාදෙණිය සහ තැන්නේකුඹුර ඇතුලු උප නගර කිහිපයක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවත් රුපියල් කෝටි දෙදහසක් පමණ මුදලක් ඒ සඳහා අවශ්‍ය වන බවත් එම අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳව ලෝක බැංකුව සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මහනුවර නගරයේ ඉදි කෙරමින් පවතින බහුවිධි මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබදව නිරීක්ෂණය සහ එහි ප්‍රගතිය සමාලෝචනය සම්බන්ධයෙන් පසුගියදා (06) මහනුවර ගුඩ්ෂෙඩ් පර්යන්තයේදී පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීවේය.
හරිත නගරයක් බවට මහනුවර පත් කිරීම සඳහා ලෝක බැංකුවට යෝජනාවක් ඉදිරිපත් කරන බවත්
යෝජිත මහනුවර බහුවිධි ප්‍රවාහන මධ්‍යස්ථානයට සමගාමීව ඉදිරි තෙවර්ෂය තුළදී හරිත නගර සංකල්පය කරා යොමු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත ප්‍රකාශ කළේය
රුපියල් කෝටි තුන්දහසක වියදමින් ඉදිවන නව මාධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ නොවුණත් අතිරේකව පුළුල් විය යුතු මාර්ග කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා, එම මාර්ග සංවර්ධනය මෙම ව්‍යාපෘතිය සාර්ථක විමට බලපාන බව ද කීවේය.
හරිත නගරයක් බවට පත් කිරීමේ දී වායු දුෂණයෙන් තොරව ප්‍රවාහන කටයුතු පවත්වා ගැනීම සඳහා විදුලි බලයෙන් ක්‍රියාකරන බස් රථ දෙසීයක් මහනුවරට ලබා දෙන බවත් ඒ පිළිබදව ද ලෝක බැංකුවට යෝජනා කොට ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.
දුම්බර ප්‍රදීප්