saravita-anim2

2025 ජුලි මස 06 වන ඉරිදා

2025 ජුලි මස 06 වන ඉරිදා

Latest News - timelapse 3241 hours ago

LATEST

කාන්තන්කුඩියේ රට ඉදි අස්වැන්න නෙලීම අරඹයි

calendar_today 2023 ජුනි 24 - 14:12 remove_red_eye - 6693  

පෙරිය කාතන්කුඩියේ රෝපණය කරන ලද ගස්වල සෘතුමය රටඉඳි අස්වනු නෙළීම නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා අතින් මෙවර උත්සවාකාරයෙන් සිදුවිය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සහ ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා අදාළ ආයතනවලින් සාක්ෂි ලබා ගැනීමට ‘ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී’ පසුගියදා තීරණය විය.

Read More

ඩුබායි රාජ්‍යයේ රැකියා දෙන බව පවසා රුපියල් කෝටි දෙකක මුදලක් මහියංගනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් රවටා වංචා කළ , බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස රැකියා ඒජන්සියක් පවත්වා ගෙන ගිය කාන්තාවක් , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් කණ්ඩායමක් විසින් 06/23 දින කොළඹ මරදාන ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ඇඹිලිපිටිය වැලිකඩයාය 99 හන්දිය ප්‍රදේශයේදී අද (24) අලුයම විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධකරුවකු මියගොස් ඇත.

Read More

ඌරගස්මන්හංදිය කලුවලගොඩ ප්‍රදේශයේ අද (23) පස්වරුවේදී පොලීසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඌරගස්මන්හංදිය පොලීසිය කියයි.

Read More

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවැති තරයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

අහුලාගත් හැඳුනුම්පතක් ඉදිරිපත්කොට සිම් පතක් මිළදී ගෙන ඒ හරහා හෝමාගම මහා කටුවාන ප්‍රදේශයේ දී ඉකුත් 21 දා රාත්‍රි සිදු වූ ඝාතනය සැළසුම් කොට ඇතැයි විමර්ශන කණ්ඩායම් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලීසිය පවසයි .

Read More

අලුත්ගම ඓතිහාසික කන්ද විහාරයේ භාරකාරත්වයටපත් මුතු රාජා පාදයේ ආබාධයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා තායිලන්තයට රැගෙන යාමට පෙර කන්දේ විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන් ඇතුළු සාමණේර හිමිවරුන් එම හස්තියාගේ සුවදුක් විමසා පලතුරු ඇතුළු ආහාර වර්ග වලින් සංග්‍රහකිරිම සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සිදු කළහ.

Read More

රජයේ විශ්වවිද්‍යාලයන්ට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන ආකාරයට දරුවන්ට පහසුකම සලසා දීම ඉතා වැදගත් බවත්, තමන් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී එම අවස්ථාවන වැඩි කිරීමට පියවර ගත් බවත්, ඒ සම්බන්ධයෙන් වන ණය ක්‍රමයේ දැනට මතුව ඇති මුල්‍ය ගැටළු විසඳීමට රජය කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More

දින තුනක් පුරා අඛණ්ඩව පැවැති කොට්ටාව බොරැල්ල (174) හා කොට්ටාව , ගල්කිස්ස (255) පෞද්ගලික බස්රථ වර්ජනය අවසන් කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය .

Read More

මෙම මස 30 වැනි දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කරයි. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

නවය වසරේ සිසුවෙකුට කන පැලෙන්න පහරදුන්නේ යයි කියන අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ කීඩාභාර ආචාර්යවරයෙකු ඊයේ (22) රෑ වතුගෙදර දෙල්ගහහන්දිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් සහල් ආනයනය කිරීමට රජය වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 350ක පමණ මුදල රටට ඉතිරි කර ගැනීමට හැකි වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් පෙරේදා (21) මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවා තිබේ .

Read More

වෙඩි වැදි මියගිය පුද්ගලයා සහ බොරැල්ල ඝාතකයාගේ සහෝදරයා ද එක සමාන හැඩරුවෙන් යුක්ත වුවන් බවට පොලිසිය කියයි. බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි

Read More

බස්නාහිර පළාත සහ දකුණු පළාත තුල සිදුවන මිනීමැරුම් මැඩලීම සම්බන්ධයෙන් වහාම දැඩි ක්‍රියාමාර්ග ගන්නයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස් ප්‍රධානීන්ට නියෝග කරනු ලැබීය. ඇත. අමාත්‍යවරයා එම නියෝගයක් ලබාදී ඇත්තේ, පොලිස් ප්‍රධානින් සමග ඊයේ (21දා) සිදුකල සාකච්ජාවකදීය.

Read More

අත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව ගෙන්වීමට මුදල් අමාත්‍යාංශයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව වැ.බ.මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

Read More

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර් දේශය සහ කළමනාකරණ සේවා දෙපාරතමේන්තුවේ අනුමැතිය ලබා නොගෙන කාරය මණ්ඩලය සඳහා දිරි දිමනා ,ප්‍රසාද දිමනා ගෙවල් කුලි දිමනා සහ භාවිතයට නොගත් නිවාඩු සඳහා දිමනා ලෙස රුපියල් දාහතර කෝටි දහඅට ලක්ෂ විසිපන් දහස් අටසිය තිහක් (141825830)ගෙවා ඇති බව ජාතික විගණන දෙපාරතමේන්තුවේ නිලධාරියෙකු සමග කරන ලද මාධ්‍ය සාකචඡාවකදි අනාවරණය විය.

Read More

අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොද්දල පොලිසියේ නිලධාරීන් විසින් අද (22දා) වෙඩි තබා ඇත.

Read More

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැපවී සිටින බව එහි ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය සඳහන් කරයි.

Read More

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක විශේෂිත ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය වයස අවුරුදු දෙකහමාරක දරුවා මිය යාමට එම දරුවාට ලබාදුන් නිර්වින්දන එන්නතේ කිසිදු බලපෑමක් නොමැති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසයි.

Read More

’’අපි දන්නවා සංචාරක ඇමති කෙනෙක් ඉන්නවා. හැමදාම රටින් පිට ඉන්නේ. ඉන්දියාවේ සුමාන දෙකක් ගත කරලා ආවා මිලියන 140ක්ද කොහෙද වියදම් කරලා. එයා අරහේ මෙහෙ ගිහිල්ලා බැනර් අල්ලාගෙන හිටියාට සංචාරකයෝ එන්නේ නෑ. යටිතල පහසුකම් වර්ධනය කරන්න කිසිම දෙයක් කරලා නෑ’’

Read More

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යැයි පවසමින් පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැලිපැන්න බොන්දුපිටිය නිවසට ගිනි අවි රැගෙන කඩාවැදී දේපළ කොල්ලකෑ කණ්ඩායමේ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මුහුණු පොත හරහා ගැහැණු ළමයෙකු ලෙස පෙනී සිටිමින් කතාබහ කොට 14 හැවිරිදි පිරිමි දරුවෙකු ගම්පහ ප්‍රදේශයට ගෙන්වා ගෙන ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාල පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

අන්තර් පාසල් වයස 15න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේදී තමා මුහුණදුන් තරග දෙකෙන්ම පිට පිටම කඩලු ත්‍රිත්වයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පාසල් වාර්තාවක් තැබීමට බලපිටිය සිද්ධර්ථ විද්‍යාලයේ දිලුක දුශේන් මෙන්ඩිස් සමත්වූයේය.

Read More

ඇල්පිටිය නවදගල විදුහල් කීඩාංගණයේ ඊයේ (21) පැවති වෙළද ,ප්‍රදර්ශණ හා සැණකෙළියේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකදී හිසට පොලු පහරක් වැදුණු පොලිස් නිලධාරියෙකු ඇතුලු සිව් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.

Read More

සෞඛ්‍ය අංශය වෙනුවෙන් අවශ්‍ය නොලැබෙන්නේ නම් තවදුරටත් අමාත්‍යධුරයේ රැදී සිටීම පිළිබදව තීරණයක් ගැනිමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

යුද හමුදාවට පවරාගත් ස් රථයක් අද (22) අළුයම ස්කූටරයක ගැටී තුන් හැවිරිදි දැරියගේ හිස මතින් ධාවනය වීමෙන් දැරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

Read More

කොළඹ වරායට පැමිණි බහාලුමක් තුළ සගවා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ රුපියල් හැට හතර කෝටි හැත්තෑ හත් ලක්ෂ විසි දහසක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 16 යි ග්‍රෑම් 193 ක් 06/22 දින කොළඹ වරාය පාලන අංශයේ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.