සුවකිරිමට බැරි අසනීපයකින් සහ කතාකිරීමටද නොහැකි වයස අවුරුදු 9ක්වු තම රෝගී දරුවා ගෙලට සියතින්ම තොණ්ඩුවක් දමා සිරකර පුතුව ඝාතනය කර පොලිස් කොස්තාපල් වරයෙකු වූ පියාද ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි රාගම රෝහලෙන් වාර්තාවේ.
මියගොස් සිටිනුයේ රාගම වැළිසර වෙන්දේසිවත්ත ප්රදේශයේ පදිංචිව වයස 36 හැවිරිදි මහබාගේ පොලිසියේ පොලිස් කොස්තාපල් වරයෙකු ලෙස සේවය කල නිලංග සදරුවන් සහ සෙදුල බිත්සර නැමති 9 හැවිරිදි පිරිමි දරුවෙකි.
තම පුතුට කතාකිරීමේ හැකියාව නොමැති වීම මෙන්ම දරුවා සුව කල නොහැකි රෝගයකින් පීඩා විදීම සම්බන්ධයෙන් මානසික පීඩනයකින් පසුවී ඇති මෙම පොලිස් නිලධාරීයා ඒ පිලිබදව නිරතුරුව කනස්සල්ලෙන් පසු උනේ යැයි බිරිද මරණ පරීක්ෂණයේදී සාක්ෂි දී තිබේ.
පසුගිය 5ස් වන සෙනසුරාදා දහවල් බිරිද නිවසේ නොසිටි අවස්ථාවකදී පොලිස් නිලධාරියා මෙලෙස සිය දරුවාද ඝාතනය කර ඔහුද ඒ අයුරින්ම ගෙල වැළලාගෙන සියදිවි හාණි කර ගෙන ඇත. මියගිය පොලිස් කොස්තාපල් වරයා මහමහබාගේ පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරතව සිට ඇත.
මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් තම සැමියා පව්ලේ එකම දරුවාවූ සෙදුල බිත්සර පුතු සුව කල නොහැකි රෝගයකින් පීඩා විදීම සම්බන්ධයෙන් මානසික පීඩාවට පත්වී ජීවිතය කළකිරී සිටි බවත් මෙලෙස දරුවාද ඝාතනය කර සියදිවි හාණි කර ගැණීමට හේතුව එම මානසික පීඩනයම බවත් බිරිද සාක්ෂි දෙමින් පවසා ඇත.
මරණ පරීක්ෂණයෙන් පසුව පියපුතු දෙදෙනා ගේ සිරුරු පව්ලේ ඥාතීන් වෙත භරදීමට නියමිත යැයි රාගම රෝහල් පොලිසියේ නිලධාරීන් ගෙන් කල විමසීමේදී පැවසීය.
වත්තල සරත් චින්තක