සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අස්වැසුම හෝ වෙනත් ප්රතිලාභ නොලබන දිළිඳු පවුල් ලක්ෂ 27.5 ක් වෙනුවෙන් සහල් කිලෝ 20 බැගින් ලබා දීමට කටයුතු කරන බවත්, ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන විසි දහසක මුදලක් වෙන්කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි රු. මිලියන 20000ක මුදලක් ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වෙන්කර ඇති අතර, ඉන් රුපියල් මිලියන 10000ක් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි හා තවත් රු. මිලියන 10000ක මුදලක් අඩුම පහසුකම් පවතින, විශේෂයෙන් කඳුකර ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංවර්ධනය සඳහා මුදල් අමාත්‍යාංශය මගින් විමධ්‍යගත අයවැය වශයෙන් වැය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඉදිරි ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව පෙරේදා (6දා) අනුරාධපුර, කළුආරච්චියාගම ප්‍රදේශයේ පැවති ජනවාතාව දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.
අස්වැසුම ප්රතිලාභ වැඩසටහන යටතේ ජූලි මාසය වනවිට පවුල් ලක්ෂ විසි හතරකට ප්රතිලාභ ලබා දීමට කටයුතු කරන බවත්, සිංහල දමිළ අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් කිසිදු ආකාරයකින් ප්රතිලාභ නොලබන ඉතාම දිළිඳු පවුල් ලක්ෂ විසි හතයි දසම පහක් සඳහා එක් පවුලකට සහල් කිලෝ විස්සක් බැගින් ලබා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය .
නැවත වරක් ආර්ථික අර්බුදයකට ගියහොත් වසර පහළොවකට මෙහා නැවත ආර්ථිකය ගොඩනැගීමේ කිසිදු විටෙක නොමැති බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.