තේ වත්තක සංවර්ධන කටයුත්තක් සදහා රැගෙන විත් පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් ඇග මතට පෙරලිමෙන් බරපතල ලෙස තුවාල ලැබු පාසල් සිසුවෙකු මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු (04) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පවසයි.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මස්කෙලිය ගාඩ්මොර් වතුයායේ පදිංචිව සිටි ගාඩ්මොර් දමිල මහා විද්‍යාලයේ 6 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.අනිෂන් නැමති (11) හැවිරිදි පාසල් සිසුවෙකි.
ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග (04) දින පස්වරු 1.30 ට පමණ වැසිකිලිය වෙත යාම සදහා පැමිණි අවස්තාවේ පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් පෙරලි පාසල් සිසුවාගේ ඇග මතින් පෙරලිමෙන් පාසල් සිසුවා වැසිකිලියේ බිත්තියට සිරවිමෙන් බරපතල ලෙස තුවාල ලබා ඇත.
පසුව පාසලේ ගුරුවරුන් සහ අසල්වාසින් එක්ව තුවාල ලබා සිටි පාසල් සිසුවා සුවසැරිය ගිලන් රථය මගින් මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු සිසුවා ජිවිතක්ෂයට පත් වි ඇත.
මරණය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන මස්කෙලිය පොලිසියේ නිලධාරියෙකු පැවසිය.
හැටන් රංජිත් රාජපක්ෂ