විද්‍යාඥයින් සිතුවාට වඩා බොහෝ කලකට පෙර මිනිසුන් මනස වෙනස් කරන ද්‍රව්‍ය (මත්ද්‍රව්‍ය) භාවිතා කර ඇති බව නව පර්යේෂණවලින් අණාවරණය වී තිබේ.
සාක්ෂිවලින් පෙනී යන්නේ වසර 25,000 කට පෙර සමහර ඉන්දුනීසියානු ප්‍රජාවන් විසින් බුලත් විට මත්ද්‍රව්‍ය ලෙස භාවිත කර ඇති බවයි.
ඕස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් මුල් මානව ආහාර සොයන අයගේ අස්ථි කොටස්වල අසාමාන්‍ය රටා සොයා ගෙන ඇති ඒවා බුලත් විට උරා ගැනීම හා සම්බන්ධ බවට අණාවරණය කරගෙන තිබේ..
පර්යේෂණයට නායකත්වය දුන් මහාචාර්ය ඇඩම් බ්රම් පැවසුවේ මෙය "ලෝකයේ ඕනෑම තැනක මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මුල්ම සාක්ෂිය" විය හැකි බවයි.
