අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වල සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, බස්නාහිර හා වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද
එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතෙතත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.