ෆිට්ස් එයාර් ඩුබායි ගුවන් ගමන් නවත්වයි
මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය හේතුවෙන් FitsAir ගුවන් සමාගම සිය කොළඹ–ඩුබායි ගුවන් ගමන් සේවාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
මෙම අත්හිටුවීම 2026 සැප්තැම්බර් 6 වැනිදා සිට ක්රියාත්මක වූ බව ගුවන් සමාගම පවසයි. කලාපයේ තත්ත්වය පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින අතර, එම තත්ත්වය සිය ගුවන් මෙහෙයුම් කටයුතු කෙරෙහි ඇති කරන බලපෑම ද තක්සේරු කරමින් සිටින බව FitsAir සඳහන් කරයි.
වත්මන් සැලසුමට අනුව, 2026 නොවැම්බර් 19 වැනිදා සිට කොළඹ–ඩුබායි ගුවන් සේවය යළි ආරම්භ කිරීමට FitsAir අපේක්ෂා කරයි. කෙසේ වෙතත්, එය එම අවස්ථාවේ පවතින තත්ත්වය සහ ඉදිරි වර්ධනයන් මත රඳා පවතින බව ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම තාවකාලික සේවා අත්හිටුවීම හේතුවෙන් මගීන්ට සිදුවූ බාධා සහ අපහසුතා පිළිබඳව FitsAir සිය කනගාටුව පළ කර ඇති අතර, මෙම තාවකාලික අත්හිටුවීමේ කාලය තුළ මගීන් දැක්වූ ඉවසීම සහ අවබෝධය වෙනුවෙන් ස්තූතිය පළ කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

